
(ඉන්දිකා රාමනායක)
බහරේන් සිට ගුවන් මගින් රිවොල්වර් අවියකට සමාන සෙල්ලම් පිස්තෝලයක් රැගෙන ඒමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල එඬේරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
මොහු ඊයේ (21) බහරේන් සිට මෙරටට පැමිණ ඇති අතර ඔහුගේ බඩුබාහිරාදිය අතර මෙම සෙල්ලම් පිස්තෝලය හමුවී ඇත.
සැකකරු ගුවන්තොටුපළ රේගු අංශය මගින් අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපොළ පොලිසියට ඉදිරිපත් කර ඇත.
ගුවන්තොටුපළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් සෙල්ලම් පිස්තෝල අල්ලන, මිලියන ගණන් කුඩු අල්ලන්න පේන්නේ නැහැ. අපරාධ කාරයෝ ගුවන්තොටෙන් පිටවෙනවා අල්ලන්නේ නැහැ.
සෙල්ලම් පිස්තෝල ගෙන එන්න තහනම් නම්, ලංකාවේ පදික වෙළඳුන් සහ සාප්පු වල ඒවා කොහොමද විකිණෙන්නේ?
පිස්සු නටනවා. මම අපේ ළමයින්ට ඇති තරමට ගෙනත් දීලා තියෙනවා.