(එම්.සුසිල් පියන්ත)

ටී 56 ගිනි අවියකට සමාන ව්‍යාජ ගිනි අවියක් රැගෙන මෝටර් රථයකින් යමින් සිටි තරුණයන් හය දෙනකු  කරන්දෙණිය ,මහඒදණ්ඩ නගරයේදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.

අත් අඩංගුවට ගත්සැකකාර තරුණයන් හය දෙනා වයස 20 ත් 25 ත් අතර වයසේ පසු වන අය බවද පොලීසිය කියයි.

මේ සැකකරුවන් හය දෙනා අතර හිටපු යුද හමුදා සෙබළකු ද සිටින බව  පොලීසිය කියයි.

ටී පනස් හය වර්ගයේ ගිනි අවියක් දමාගත් රතු පාට මෝටර් රථයක් ඌරගස්මංහන්දි සිට කරන්දෙණිය දෙසට එන බවට කරන්දෙණිය පොලීසියට තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව කරන්දෙණිය පොලීසිය  මහඒදණ්ඩ පොලිස් මාර්ග බාධක දමා ඇති අතර සැකකාර මෝටර් රථය නතර කරන ලෙස පොලිස් නිලධාරීන් සංඥා කළත් එය නොනවත්වාම ධාවනය කර ඇති අතර මෝටර් රථය ලුහුබැද ගොස් නතර කළ බවත් පොලීසිය කියයි.