(ගයාන් සූරියආරච්චි)

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාට සාධාරණව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා විපක්ෂයේ කණ්ඩායමක් කීපයක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය  අද අවසන් කරමින් එහි සිටි පිරිස අට්ටාල ගලවා එම ස්ථානයෙන් ඉවත් වූ බව කොටුව පොලිසිය පවසයි.

අඛණ්ඩ සත්‍යග්‍රහයේ තෙවැනි දිනය වූ අද දින පෙරවරුවේ කීපදෙනකු සත්‍යග්‍රහයේ නිරතවූ අතර අවස්ථා දෙකකදී පුද්ගලයන් දෙදෙනකු එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන්ට එරෙහිව බැනවදිමින් නොසන්සුන්කාරීව හැසිරුණු අයුරු දක්නට ලැබිණි.

එම අවස්ථාවේදී පොලිසිය මැදිහත්වී එම පුද්ගලයන් ඉන් ඉවත් කිරීමට කටයුතු කරන අයුරු දක්නට ලැබුණි.