කන ආශ්‍රිතව ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන්  කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු අද නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගියේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරනු ලබන විමර්ශනයකට අනුව සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන දින 90 ක රැදවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටියි.