
(බී.ජී.චතුරංග)
අද සරසවි වල ඉන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හරියට සහරාන්ලා වගේ කොන්ඩෙ රැවුල වවාගෙන ඒ අය පිළිපදින්නේ ශාස්තෘන් වහන්සේගේ ධර්මය නෙමෙයි, ලෙනින්ගේ න්‍යාය තලේබාන්ලා කරන වැඩ තමයි කරන්නේ මේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අවුරුදු තුනෙන්, හතරෙන් විශ්ව විද්‍යාලයෙන් පිටවන විදියට නීති සම්පාදනය කළ යුතු යැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පැවසූහ.
අපේ රටේ පොදු ප්‍රශ්න ගණනාවක් තිබෙනවා ඒ පිළිබඳව, සාමාන්‍ය පෙළ, උසස් පෙළ දෙපාරක් ලිව්වත් අසමත් වෙන ළමයින්ට වෘත්තීය පුහුණුවක් ලබා දෙන්න ඕනේ, මේ විභාග දෙකම දෙපාරක් ලිව්වහම ඇති, ඊට පස්සේ ළමයි වෘත්තීය පුහුණුවට යොදවලා රටට අවශ්‍ය කරන පුර වැසියෝ නිර්මාණය කරන්න ඕන.
ඒ වගේම සරසවි ශිෂ්‍යයෝ විශේෂවේදී, සාමාන්‍ය වේදී කියලා දෙකක් තියෙනවා. එම සිසුන් අවුරුදු 4ක්, අවුරුදු 3ක්, ඉගෙන විශ්වවිද්‍යාලයෙන් බැහැරව යා යුතුයි. ඒවට නීති සම්පාදනය කරන්න ඕනේ.
අපේ ශිෂ්‍ය භික්ෂූන් වහණ්සේලාටත් එම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ, සහරාන් කියන පුද්ගලයා රැවුල වවාගෙන තමයි මැරුණේ, ඊට පස්සේ ගොඩක් මිනිස්සු සහරාන්ලා වගේ වෙන්න පටන් ගත්තා. රැවුල වවන්න පටන් ගත්තා. ඒ වගේම අපේ සරසවිවල ඉන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හාමුදුරුවන් වහන්සේලා කොණ්ඩ, රැවුල වවන්න පටන් ගත්තා.
අද පාලි බෞද්ධ විශ්ව විද්‍යාලය ඇතළු සරසවි වල තිබෙන කලා පීඨ වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තලේබාන්ලා වගේ වැඩ කරන්නේ, ලෙනින්ගෙන් න්‍යායට තමයි ඒ අය වැඩ කරන්නේ බුදු හාමුදුරුවන්ගේ, ශාස්තෘන් වහන්සේ මග යන්නේ නැහැ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පූර්ණ ඇත්ත හාමුදරුවනෙ. සමහර සරසවි සිසුන් වගේම සමහර සර්සවිවල ඉගෙන ගන්න භික්ශූන්ටත් දේශපාලනය කරනවට වඩා දෙයක්ක් නැහැ. එයාල සරසවි එන්නෙ ඉගෙන ගන්න නෙමේ රටෙ ජනමතය එයලට ඔනෙ විඩියට වෙනස්කරන්ට.
මිහින්තලේ නායක හාමුදුරුවෝ වදාරා තියෙන්නේ සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනෑ දේවල් තමයි. හාමුදුරුවෝ කියන්නේ සාමාන්‍ය පෙළ අසමත් හා උසස් පෙළ අසමත්ව සිටින සියලු දෙනාටම පුහුණුවක් දෙන්න ඕනෑ කියලා. ඒ දෙපිරිසට අමතරව සාමාන්‍ය පෙළ නොලියා පාසැල් හැරයන තවත් පිරිසක් ඉන්නවා. රටේ අනාගතය වන දරුවන්ගෙන් රජය බලන්නේ උසස් පෙළ සමත්වෙලා විශ්ව විද්‍යාලවලට යන පිරිස් ගැන පමණයි. අනෙක් අය මොකද කරන්නේ කියලා ඇහැක් ඇරලා බලන්න කෙනෙක් නැහැ. ඒ නිසා ගම්මට්ටමින් පාසල් හැරයන දරුවන් ගැන බලා ඔවුන්ට සෙතක් සලසන්න ක්‍රමයක් හදන්න ඕනෑ ඒවා ක්‍රියාත්මක කරන්න ඕනෑ. එවිට රටේ දියුණුවක් දකින්න ලැබේවි. කෙනෙකුට කියන්න පුළුවන් තරුණ සේවා සභාව, ආධුනිකත්ව මණ්ඩලය හා නිපුණතා සංවර්ධන නිලධාරින් ඉන්නවා කියලා... ඒත් ඔවුන් කරන්නේ ඔවුන් ළඟට යන අයට උපදේශයක් දීම පමණයි.. එහෙම නොවෙයි වැඩිදෙනෙක් නිවසේ සිටින දිනවල නිවෙස්වලට ගොස් තොරතුරු ලබාගෙන දැනුවත් කරමින් උපකාරී වෙමින් දිනපතා යාවත්කාලීන කරන දත්ත පද්ධතියක් හරහා වැඩ සටහනක් සාදා දරුවන් රැකියාවක් කරන තුරු සොයාබලන ක්‍රමයක් හදන්න ඕනෑ...
රැවුල, කොණ්ඩෙ වැවුවා කියලා බුදුදහම නැතිකරන්න බැහැ. හැබැයි දේශපාලකයින්ට කඩේ ගියොත් ඔහොම වෙන්න ඉඩ තියෙනවා.
ඒ කතාව නම් සහතික ඇත්ත... අපේ හාමුදුරුවනේ...!!!
ඒ විදිහට හැසිරෙන්නේ බුදුදහම ගැන අවබෝධයක් ඇති භික්ෂූන් නෙවෙයි.
කතාව සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ...! කොණ්ඩ හා රැවුල් වවාගෙන,සහරාන් වගේ තලේබාන් න්‍යාය පත්‍රයට අනුව තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ. බුදු දහම නෙමෙයි පිළිපදින්නේ ලෙනින්ගේ දහම. මේ දුසිල්වතුන් ශාසනයෙන් නෙරපා හැරීමට ක්‍රියා කළ යුතුයි.
කොණ්ඩය වැවීම පිටුපස අන්තවාදී ආගමික අදහසක් ඇතිවගේම. කොණ්ඩය කැපීම පසුපසත් අන්තවාදී ආගමික අදහසක් ඇත.
හාමුදුරුවනේ.මේ කාලකන්නියන්ට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අමතන එකත් පාපයක්.මුන් බුද්ධාගමට අවමාන කරන්න පෙර කරුම වලට ඉපදුන තලේබාන් බෞද්ධයෝ
ගෞරවනීය ස්වාමින්වහන්ස තමයි දැන් කෙලින්ම කතාකරන ස්වාමින්වහන්ස නමකට ඉන්නේ. ඔබවහන්සේ කියපු දේවල් කලොත් මේ රටේ තියෙන දුෂිත දේවල් ගොඩක් නැතිවෙනවා. තරුණ පිරිස රැකෙනවා. රට යහපත් මඟට වැටෙනවා. රට මෙච්චර අඝාදයකට වැටිලා තියෙන වෙලාවෙත්, විශ්වවිද්‍යාල ස්වාමින්වහන්සලා ගිහියන් වගේ හැසිරෙද්දීත්, පාසල් ළමුන් පවා කුඩු මාරය ගිලගෙන යන මොහොතෙත්, මිනීමැරුම්, මංකොල්ල කෑම දිනපතා ඉහළ යනකොටත්, ස්ත්‍රී දුෂකයෝ පොඩි ළමයි පවා අත්නොහරින තත්වයට රට පත්වෙලා තියෙන මේ මොහොතේ ඇයි මහනායක ස්වාමින්වහන්සේලා නිහඬව ඉන්නේ. දේශපාලකයන්ට මේවාට විසදුමක් හොයන්න වෙලාවක් නෑ. ඔව්න් බලන්නේ රටට මොනවා උනත් බලය රැකගන්නේ, බලය ලබන්නේ කොහොමද කියලයි. කෙලින් ඒ ගැන කතාකරපු ඔබවහන්සේට අපගේ ගෞරව නමස්කාරය. තෙරුවන්සරණයි.
සාමාන්‍ය පෙළ අසමත් වෙන ළමයින්ට තමයි වෘත්තීය තාක්ෂණ අධ්‍යාපනය ඉස්කෝලවලම දෙන්නේ,ඒකට තමයි වසර 13ක අනිවාර්ය පාසැල් අධ්‍යාපනය දෙනවා කියන්නේ. ඔය කැම්පස් වල වසර හතරින් ඉවර කරලා යන්නෙ නැත්තේ විභාග අසමත් වෙලා හරි ඒකට වෙන මෙඩිකල් දිදී හරි ඉන්න අය.
මන් දැකපු නියම සිංහල බෞඩ්ඩ බික්ශුන් වහන්සෙ නමක් තමා දිබුලාගල හමුදරුවො . කොන්ඩෙන් රුවුලෙන් මහනකම මනින්න බැ . මෙ මහ නා හිමිවරු කියාගන්න අයගෙ වත්ගොත හොදට හොයල බැලුවොත් සහරාන් හොදයි කියල හිතෙයි . එ තරම් හානියක් මෙ හැමෝම මෙ රටට කරල තියෙනව , පල් හොරුන්ට කඩෙ ගිහිල්ල . ලෙනින් සරන ගිහින් හරි කමක් නෑ මෙ සමාජෙට හොදක් වෙනවනම්.
ඔබ වහන්සේ කියන එක සහතික ඇත්ත, හැබැයි හමුදාවෙන් මේවට වගකියන්න ඔනෙ අර සාටක මයින. ඔක තමයි සාසනේ කෑවෙ. ඔක තොළොන්චි උන දවසට ඉපදෙන්නෙ අපායෙ අසූචි වලක. ඔකගෙ පවුලෙ ඒවුන් තමයි කුඩු ගෙන්නුවෙත්.
මේ කතාව, විශ්ව විද්‍යාල වලින් සිසු මර්ධනය පටන්ගෙන එය භාවිතා කරමින් යලි 88-89 ක් නිර්මාණය කිරීමට ඡායාවක් ඇති කිරීමක්. මේ හාමුදුරුවොම තමයි ඊලඟට එන ඡන්දය කටු ගා දමන්න කිව්වේ. එය සමාජයේ විවේචනයට ලක් වුනා. දැන් මේ වගේ කතා කියමින් නැවත වෙනත් පාරක් හොයනවා. සමාජයේ නැගෙන ආණ්ඩු විරෝධී මතවාදය වෙනතකට යොමු කරන්න. ආණ්ඩු වෙනස් කිරීමට පාලකයා භික්ෂු සමාජය උපයෝගී කර ගන්නවා. කලින් හිටපු අය කියන දේ අහන්නේ නැති නිසා අලුත් අයව භාවිතයට ගන්නවා. ක්‍රමය එකයි, එය භාවිතාවට පුද්ගලයින් වෙනස් කරනවා. තේරුම් ගන්න කල් යයි..
තාමත් සමහර අව්‍යාජ භික්ශූන් ඉන්නවා. මම මේ ගැන සතුටු වෙනවා. මම බෞද්ධයෙක් නොවෙයි, නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වලට ගරු කරනවා. නමුත් හාමුදුරුවරු වැඩි හරියක් මුදලාලිල.
මේ හාමුදුරුවෝ දැනට දින කීපයකට කලින් දෙසපාලකයෝ 225ට බරපතල චෝදනා කරමින් ඔවුන්ට අනතුරු අගවා දින පවා නියම කළා. දැන් මොකද අරයා හොඳයි අර 225 ත් හොඳයි අපිම තමයි වැරදි කියන්නේ. මොකද නිකම් අර හුලන් බැහැලා වගේ කතා කරන්නේ. හැබෑටම එදා ඒ කතා කිව්වේ වෙන හාමුදුරු නමක්ද?