IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිරවුණු නැව ඉවත් කරන්න සති ගණනක් යාවි

සිරවුණු නැව හේතුවෙන් සූවස් ඇළේ නාවික කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති බවත්, ඇළ ඉවුරේ වැලි තට්ටුවල හැපී සිරවුණු නැව ඉවත් කිරීමට සති කීපයක් ගත වනු ඇති බවත් බිය පළ කෙරේ.

ලොව කාර්යබහුල නැව් මාර්ගයක් ලෙස සැලෙකන්නේ සූවස් ඇළ ය. සූවස් ඇළෙහි පැත්තට ඇදී ගොස් වැලි පරවල ගැටී සිරවූයේ පැනමාවේ ලියාපදිංචි ‘එවර් ගිවන්’ නමැති එම භාණ්ඩ ප්‍රවාහන නෞකාවය. මෙය පැනමාවේ ‘එවර්ග්‍රීන්’ නැව් සමාගම යටතේ ලියාපදිංචි වූවකි.

'එවර් ග්‍රීන්' නැව් සමාගමට අයත්, 'එවර් ගිවන්' නැව, පසුගිය දා 23 වැනිදා සූවස් ඇළ හරහා ගමන් ආරම්භ කළේ නෙදර්ලන්තය බලා යෑමටය.

සූවස් ඇළට පිවිස, යාත්‍රා කරන්න වූ මෙම යෝධ නැව, වැලි කුණාටුවකට හසුවිය.  නැව පාලනයෙන් ගිලිහී ඇළ ඉවුරේ හැපුණි.

'එවර් ගිවන්' නෞකාව දැන් ඇත්තේ, සූවස් ඇළ හරස් කරමිනි. ඇළ දිගේ ඉහළ පහළ යන සියලු නැව්වල ගමනා ගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී ගොස් තිබේ.

'එවර් ගිවන්' නෞකාව නිසා සූවස් ඇළේ සිරවුණු නැව් අතරේ ඉන්ධන බැරල් මිලියන 13 ක් රැගත් නැව් 10 ක් ඇත. 

මේ වනවිටත් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 63 කට වඩා වැඩිය. 'කොවිඩ් 19' වසංගතය මැද ලෝකය ආර්ථික මෙන්ම තෙල් අර්බුදයකට ද මුහුණ පෑමේ අවදානමක් නිර්මාණය වී ඇත.

(රොයිටර්)

 



අදහස් (2)

සිරවුණු නැව ඉවත් කරන්න සති ගණනක් යාවි

හර්ෂ තෙන්නකෝන් Friday, 26 March 2021 02:32 PM

එළඹෙන උත්සව සමයට හා පසුව එය ලංකාවට බලපායිද..?

:       3       7

NMSaturday, 27 March 2021 01:56 PM

මෙම සිරවුණු නැව හේතුවෙන් සූවස් ඇළේ නාවික කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇත. ඊජිප්තුවේ සිරවී ඇති මෙම නැව මෙසේ සිරවී තිබෙනුයේ මැලේසියාවේ සිට ඩෙන්මාර්කය වෙත ප්‍රවාහනය කරන අතරතුර වේ. මෙම නැවේ පාලන කටයුතු කර තිබෙන්නනේ ජර්මනිය විසින් වේ. තාක්ෂණික කටයුතු තායිවාන් විසින් සිදුකර ඇත. මෙම නැව අයත්වන්නේ ජපානයට වුවත් ලියාපදිංචි කොට ඇත්තේ පැනමාවේය. සියලු කාර්ය මණ්ඩලය ඉන්දියානුවන්ය. කෙසේනමුත් මේ වනවිට සූවස් ඇළේ නාවික කටයුතු මුළුමනින්ම අඩපණ කරමින් සිරවී ඇති මෙම නැව බේරා ගැනීමට ඇමෙරිකාවේ සහාය ලබාගැනීමට නියමිතව ඇත. මෙම අනතුර හොඳින් අධ්‍යයනය කළහොත් පෙනී යනුයේ අප නොදැනුවත්ව හෝ නොදැනුවත්ව ගෝලීයකරණය වී ඇතිබව සහ එය පැහැදිලි කිරීමට වෙනත් තර්ක අවශ්‍ය නොමැති බවත්ය.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 201 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site