
(බී.ජී. චතුරංග)
අනුරාධපුර - පාදෙනිය ඒ -28 ප්රධාන මාර්ගයේ ආලංකූලම ප්රදේශයේදී අද උදෑසන යතුරු පැදියක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් එප්පාවල පිහිටි රාජ්ය බැංකුවක කළමනාකරුවකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රෝහාන් ජයන්ත බණ්ඩාර නැමැති 43 හැවිරිදි අවිවාහකයෙකි.
ජීවිතක්ෂයට පත්වන විට ඔහු එප්පාවල රාජ්ය බැංකුවක කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් සිටියේය.
මරණකරු අනුරාධපුර දෙස සිට එප්පාවල දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී, උදෑසන 7.10 ට පමණ ඒ -28 මාර්ගයේ ආලංකූලම ප්රදේශයේ කිලෝමීටර් 79 - 80 කණු දෙක අතර ප්රදේශයේදී ආලියාගල සිට අනුරාධපුර දෙසට තිබූ පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd