(ගයාන් සූරියආරච්චි)

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලංකාවට ඓතිහාසික රන් පදක්කමක් ලබාදුන් ගුවන් හමුදාවේ කෝප්‍රල් රුමේෂ් තරංග සැරයන් නිලයට පත්කර ඇත.

ඒ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ නිර්දේශ මතය.

රුමේෂ තරංග එම නිලයට උසස් කිරීම අද (05) ගුවන් හමුදා මුලස්ථානයේදී සිදුකෙරිණි.

මීට අමතරව රොමේෂ් තරංගට විශේෂ මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ද ගුවන් හමුදාපතිවරයා කටයුතු කර ඇත.

ඔහුගේ පුහුණුකරු වන ටෝනි ප්‍රසන්න මහතාගේ හා භෞතික විකිත්ස කෝප්‍රල් වන්දිම ගුරුසිංහගේ සේවය ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙත ද මුදල් ත්‍යාග පිරිනමා ඇත.