(ඩයනා උදයංගනී)

සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට මොහොතකට පෙර ආරම්භ විය.

දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ මහතාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වූහ.