
(අංජුල මහික වීරරත්න)
සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම ප්‍රයෝජනවත් දෙයක් නොවේ යැයි සමගි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු සරත් ෆොන්සේකා මහතා ජනාධිපති සමඟ සාකච්ඡාවෙිදී පැවසීය.
සර්ව පාක්ෂික ආණ්ඩුව පවතින ගැටලුවට විසඳුමක් ලෙස තමා දකින්නේ නැතැයි ද ෆොන්සේකා මහතා කීය.
දුෂණය තුරන් කිරීම අරගලයේ නිරත වූ සියලු පිරිස්වල ප්‍රධාන ඉල්ලීමක් වු බව කී ෆොන්සේකා මහතා ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු බවද දූෂණයෙන් තොර රටක් ගොඩ නැගීමේ වගකීම සියලුදෙනාට පැවරී තිබෙන බවද කීය.
අවශ්‍ය වන්නේ වර්තමානයේ රට සහ ජනතාව මුහුණ දී ඇති ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් සෙවීම බවද ෆොන්සේකා මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා නම් මාර තුවාලයක්නේ.මෙයා කැමති නැහැ රටක් විදිහට ඒකට එකතුවෙලා මේ ප්‍රශ්න විසඳනවාට.මෙයාට ඕනේ එයාට බලේ.පුදුමාකාර බල තණ්හාවක්. රාජපක්ෂලගේම කොපිය.
දූශණයෙන් තොර රටක් ඕනෙ නම් ඔබතුමාවත් එලවන්න වෙනවා ඉතින්.
ඇත්තටම ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි. දැන් හැමා්ටම ඕන රනිල්ගෙන් තනතුරු... රට හදන්න ඔය කාටවත් අවශ්‍යතාවයක් නැහැ. ඒක පැහැදිලියි...!
ඔබ වගේ කෙනෙක් කොහොමත් එපා... මකබෑවිලා යන්න.
ඔන්න මහත්තයෝ ඔහේ ගැන තිබුණු පැහැදීම නැතිකරගන්නයි ඔහේ හදන්නේ... හැම දේටම නම් උදැල්ල දාන්න එපා. එකතුවෙලා වැඩකරන්න. එතකොට තමයි දිනන්න පුළුවන්...
සර්ව පාක්ෂික ආණ්ඩුවකට අපිට අගමැති ඕන කිව්ව කෙනා, ඒ පාර මක්කැයි මේ කියන්නේ...? සර්.පා.ආ. කට සඡබ තියා කවුරු සම්බන්ධ වුණත් තමුන්ට නම් ඒ වගේ බලවත් තනතුරක් නම් දෙනකම් බලන් ඉඳීවිද? අරගල කොල්ලන්, කෙල්ලන් එක්ක තමයි ඉතින් අගමැති වෙන්න ඇහැකි...
මහත්තයෝ දැන් ඇමරිකාවට ගිහින් ඔය ලෙඩේට බෙහෙත් ටිකක් ගන්න.
well said Sir
ෆීල්ඩ් මාර්ෂල්තුමා අරගලයේ, අයට පමණක් නොවෙයි මහින්ද හිටියනම් මෙහෙම වෙන්නෙ නැහැ කියන අය හැර අනෙක් ඔක්කොමලා කියන්නෙ දූෂණය නැතිකරන්න කියලා .මම මෙහෙම කියන්නම්කො. වැදගත්ම පුද්ගලයෙක් පාර අයිනෙ පයින්ම යනවා.එක මිනිහෙක් නැත්නම් මංකොල්ලකාරයො කට්ටියක් අර මනුෂ්‍යයා වාහනයකින් හප්පලා සාක්කු සුද්ධකරල පැනල යන්නෙ නැගිටගන්නවත් බැරුව තියෙද්දී .ඒක දැක්කම මුලින්ම කරන්න ඕන ලෙඩා රෝහලට යවා ප්‍රතිකාර කිරීමද නැත්නම් මංකොල්ලකාරයො ඇල්ලීමද.ඒ නිසා රෝගයා නැගිට්ටවා ගෙන (දූෂණය නැමති ) මංකොල්ලකාරයො අල්ලමු.උපන් ගමන් කාටවත් ඇවිදින්න බැහැනේ.
මේ රටේ මහ දූෂණ එක්ක රට ගොඩගන්න පුළුවන්ද?. අන්තිමට හොරු ඔක්කොම ගොඩයාවි. ජනතාව පාරෙම ඉඳීවි.
දේශපාලනයට ආපුදා ඉඳලා කරන්නේම ඇරියස් කවර් කරගන්න හදන එක. දූෂණය සහ හොරු ඇල්ලීමට රට්ටු විරුද්ධ නෑ. නමුත් කයිය සහ විසිල් විතරක් ගහන මාන්නයෙන් පෙලෙන ඔයා දැන් හදන්නේ මේ ලැබුණු අවස්ථාවෙන්වත් ගොඩ යන්න කියලා දන්නවා. නිකන් වෛරී ප්‍රකාශන නොකර ඔයත් හිටපු යහපාලන ආණ්ඩුව කාලේ ඇමතිකමකුත් දැරුවානේ. ඒ කාලෙත් ඕවා හොයන්න ගත්තු එක පියවරක් කියන්න බලන්න. එතකොට හිටියේ වනගත වෙලා වෙන්න ඇති. තවත් අවුලවන්නේ නැතුව ඉන්න මහත්තයෝ තත්වේ තියන්. ඔයත් දැන් අර අනික් පප්පලා වගේම වයසයි...
නියමයි,නියමයි.එක එකා තනතුරැ බෙදා ගන්නවට වඩා අරගලයේ සැබෑ අරමුණ ඉටු කරන්නයි,අවශ්‍ය වෙන්නේ. අම්බලන්ගොඩ දේශපාලකයෝ අම්බලන්ගොඩ තානායමත් කාලා.ඒකට පොහොට්ටු කාරයොයි, වල් අලි ටිකයි එකතු වෙලා.තොරතුරැ පනත යටතේ මම ඉල්ලූ කිසිම දෙයකට තවම පිළිතුරු නැහැ.පොන්සේ්කා මහත්තයෝ, ඔයත් අම්බලන්ගොඩ.මමත් අම්බලන්ගොඩ.අම්බලන්ගොඩ දේශපාලන දූෂිතයින් ගැන සොයන්න ඔබට වගකීමක් සහ යුතුකමක් තියෙනවා. අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් පාලනය කල පාසල් 34 ක් වසා දමද්දී කෝ පැවිදි හඩ.කෝ තරැණ බොද්ධයෝ.කෝ සමාජ ක්‍රියාකාරීන් .ඒව තිබුණානම් ඕනෑම තත්වයකදී දරුවන්ට ඉගෙන ගන්න තිබුණා. අම්බලන්ගොඩ විදුහලක විදුහල්පති මහ ඇමතිගෙ සොහොයුරෙක්.දැන් වසර 20 කටත් වඩා ඒ පාසලේ විදුහල්පති වහයෙන් කටයුතු කරනවා.කෝ නීතියේ සාධාරණත්වය.මම වගකීමක් ඇතිවයි කියන්නේ. කවුරුත් එකතු වෙලා දූෂිතයින් ආරක්ෂා කරනවා.ස්වාභාව ධර්මය නඩු අහන දිනයට ලෝයර් ලා නැහැ.මේවත් සොයන්න ඕනා.ගම සුද්ද කලොත් රට නිකම්ම සුද්ධ වේවි.ඔබේ කථාව අපවැනි අයටත් ශක්තියක්.
මොනවද බං මූ කියන්නේ? අපරාදෙ ඇතුලෙම හිටියනම් ඉවරයි. වෙන මුකුත් නෙවෙයි මෙයාට ඕනි. මෙයාට ඕනි ජනාධිපති වෙන්න ඒකයි ඔය දඟලන්නේ.
මෙයත් දැන් අර හිරුණිකාගෙ තත්ත්වයට වැටිලා.
මෙයා හරියටම ගැලපෙන්නේ 3% සෙට් එකටයි.
මෙයාට වුවමනා කරන්නෙ මිලිටරි ආණ්ඩුවක් ද එතකොට???
මොන ගිවිසුම්ද? පන්නනවා ඇරෙන්න.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් කියන්නේ රාජපක්ෂලාගේ ආණ්ඩුවක් මිස වෙන කිසිවක් නොවෙයි.
SF ඔබගේ කථාව නිවැරදියි මේ අවස්ථාවේදී. අවු 20-30 ක සිට සිදුවන දූෂිත පාලනය නවතින කම් රටට ගොඩඒමක් නෑ. තවදුටත් වංචනිකයින් එක්ව සැකසූ ආණ්ඩුවට මුක්කු ගැසීමක් ජනතා බහුතරයේ අපේක්ෂාව නොවේ.
කුමන ක්‍රමයකින් හෝ ජනාධිපති තනතුරට පත්වීමටයි ඔහුගේ එකම අභිප්‍රාය. ඒ සඳහා ඕනෑම ගුණමකුකමක් කිරීමට ඔහු සූදානම්. පිටුපසින් කිනිසි පහරදීම මොහුගේ සාමාන්‍ය ගතිගුණයක්. තමාගේ දේශපාලන පක්ෂයෙන් මැතිවරණයට තරගකොට අන්ත පරාජයකට පත්ව සිටි මොහු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කොට ගැනීම රනිල් වික්‍රමසිංහ මහතා කළ ලොකුම අනුවණ ක්‍රියාවකි. පසුව ඔහුට පිටිපසින් කිනිසි පහර දී, ආරක්ෂක ලේකම් තනතුර බලාපොරොත්තුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට එකතු විය. දැන් හෙමින් හෙමින් අරගලයට සම්බන්ධ වී එමගින් ජනාධිපති තනතුරට පත්වීමට මානබලයි. සජිත් ප්‍රේමදාස මහතාට කිනිසි පහර ලැබෙන දිනය වැඩි ඈතක නොවේ. මොහුට ඇත්තේ රටට ආදරයක් නොව තම තනතුරට ඇති ආදරය පමණි. ඒ සඳහා ඕනෑම ජඩ ක්‍රියාවක් කිරීමට මොහු මැලි නොවේ. ලංකාවේ සෑම පුරවැසියෙකුම ම මෙය වටහා ගැනීම වැදගත් වේ...
ඔබතුමා සමග මම 100%ක් එකඟයි. එකිනෙකට හාත්පසින්ම වෙනස් දේශපාලන මූලධර්ම තිබෙන පක්ෂ එකතුවෙලා රට තව කැඳ හැලියක් බවට පත්කරයි. ඒ අය කරන්න හදන්නේ ඒ අයගේ ඉතිරි අවුරුදු 2 1/2 ගෙවන්න උපාය මාර්ග සෙවීමක් විතරයි...
මම සල්ලි, දේපළ හොරා ගන්නෑ...
30 වසරක යුද්ධය ජයගත් සෙන්පතියා තමයි මෙතුමා. අනේ හරිම කණගාටුයි. කවුරුන් හරි මැදිහත්වෙලා මෙතුමා වෛද්‍යවරයකුට පෙන්නුවොත් තමයි හොඳ. සිහිකල්පනාවක් තිබුණානම් කවදාවත් මෙතුමා මේ වගේ ප්‍රකාශ කරන්නේ නම් නෑ. ඒක ස්ථීරයි..!!!
මෙයා තාම හිතාගෙන ඉන්නේ මිලිටරි කාරයෙක් කියලා... දැන් ඔයත් ලංකා දේශපාලනයේ ගොහුරු මඩවලේ වැටිච්චි කෙනෙක් අර රටදාලා ගිය උන්දැත් එහෙමයි. ඒක නිසා මිලිටරි පාට් මිලිටරිය ඇතුලේ දාගන්න. ඔයාට බොන්න ගෙනාපු උණු වතුර වීදුරුව උණු වැඩියි කියලා ගෙනාපු සෙබලාට එතැනදීම බොන්න දුන්නු කෙනෙක් කියලා මිලිටරියේ හිටුපු අය කියනවා ඇහිලා තියනවා. අර බෝම්බෙට හසුවෙච්ච කාර්එක රට වටේ වේදිකාවල අරන් ගිහින් පෙන්නුවත් වැඩක් වුනේ නැහැ නේද මහත්තයෝ..?.
ජනාධිපති වෙනස් වෙන්නේ නැතිව මොන ආණ්ඩු ආවත් වැඩක් වෙන්නේ නැහැ. මන්ත්‍රී කෙනෙක් වෙන්නත් ඡන්ද නැති මිනිහෙක් කොහොමද රටේ ජනාදිපති වෙන්නේ..?
කතාව ඇත්ත... සර්ව පාක්ෂික අණ්ඩුවේ ඇමැතිලා ටික ආයිම දූෂිතයින් සහ හොරු නම් වැඩක් වෙයිද...?
‘‘සර්ව" කියලා නම විතරයි වෙනස්. පරණ සෙට් එකම නැවත කමින් සූන් ..!
දූෂිතයිනුත් එක්ක ආන්ඩු පිහිටුවන්න එපා...! සමගි ජනබලවේගය අලුත් රජය විය යුතුයි...!
හැමෝම දොස් කියනවා SFට. දැන් පැහැදිලියිද සර්ව පාක්ෂික ආණ්ඩුවක් යනු බල බෙදීමට පොරකන ඈයින් ඉන්න බව. ඒ කවුරුවත් ජනතාවට සේවයක් කරන්න ආපු අයද...?
ෆීල්ඩ් මාෂල් තුමනි, මේ මොහොතේ විය යුත්තේ රට වැටීඇති තැනින් ගොඩ ගැනීමට සහායක් ලබාදීම නොවේද?
ඔබතුමා මුලින්ම රට ගොඩනගන්න සහාය දෙන්න! අරගලය ඇතුළත් ගොඩක් දේශපාලන වුවමනාවන් ඇති අය ඉන්නේ. විශ්වාස කරන්න එපා...!
රනිල් ඇතුළු වර්තමානයේ ආණ්ඩුව කරන අය රට තව ටිකක් අගාධයට ඇද දමාවි... ඉදිරි මාස කීපය තුළ, එවිට ඔය කමෙන්ට් දාන අයට බලාගත හැකියි.
සර්වපාක්ෂික ආණ්ඩුව ඇතුළට රිංගන්න රනිල්ව ජනපති කරපු අයත් බලන් ඇති... දේශපාලුවන්ට බලය සහ තනතුරු මිසක් ඊට වැඩි දෙයක් නැහැ. මහින්දයගේ දෑත් ශක්තිමත් කරන්න ගිය අය ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. යහපාලන ආණ්ඩුව කාලේ රනිල්, මෛත්‍රී කරපු දේවල් ගැනත් රටම දන්නවා...
කවුරු කොහොම මොන අදහස් ප්‍රකාශ කළත් සර්ව පාක්ෂික ආණ්ඩු හැදුවා කියලා වැඩක් වෙන එකක් නැහැ. ඒක පාක්ෂිකයෙකුටවත් හරියට වැඩක් කරන්න පුළුවන් වුණාද? බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත දේශපාලුවන් ගැන කවර කතාද?
ඔහු 100% ක් නිවැරදියි. එත් දුශිතයින්ගෙන් ඊට ඉඩක් ලැබෙන්නේ නැහැ. දැන් අපිට අවශ්‍ය වන්නේ රටේ දේශපාලන ස්ථාවරත්වයයි. ඒ සඳහා කෙසේහෝ මැතිවරණයකට යා යුතුයි. එයයි යතාර්ථය.
ඉතා හොදයි. හොරෙක් නායකත්වයේ තියාගෙන බොරුවට ජනතාව රවටන් නැතිව වැඩකරන එක නියමයි. ජනතාව ඉල්ලන්නෙ ඡන්දයක් අලුත් නායකත්වක් හොරුන්ව හිරේට අරින්න.
සරත් පොන්සේකා මහතාගේ කතාව සම්පුර්ණ ඇත්ත.
දැන් සර්වපාක්ෂික ආන්ඩුවක් හදන්න බැරි නම් කළ යුත්තේ මේ අසීරු අවස්ථාවේ එකට එකතුවී රට ගොඩනගන්න කැමති කණ්ඩායම හා ඊට අකමැති කණ්ඩායම වශයෙන් කොටස් දෙකකට බෙදීමයි. හොරකම් නොකරන මිනිහා ආණ්ඩුව ඇතුළට ගියා කියා හොරෙක් වෙන්නේ නැහැ. ඇතුළට ගියාම හොරු අල්ලන්න ලේසියි. ඒකනේ සමහර තැන්වලට පොලීසිය උපාය ධූතයෝ යවන්නේ.
හොරු අල්ලා මේ සඳහා වගකිවයුතු අයට දඬුවම් දීම මහජන අපේක්ෂාවයි.
මිනිස්සුන්ට ඕනේ ඕවා නෙමෙයි..... බුද්ධිමත් , තරුණ, රට ගොඩනැගිය හැකි, හොරකම් නොකරන අලුත්ම පිරිසක්. දැන් ඉන්න පිරිස රටට කරපු වින්නැහිය මදිද. තවත් මොනවා බලන්නද "හිසේ අමාරුවට කොට්ට මාරු කරනවා "වගේ වැඩ මේ සර්වපාක්ෂික කියන එක. පරණ සෙට් එකමනේ ඉන්නේ. ඉතුරු ටිකත් හෙට අනිද්දා ඕකට ඇතුල් වෙයි.
පුවතක් දැක්කා 11 වෙනිදා ගෝඨා නැවත ලංකාවට එනවා අගමැති වෙනවා කියලා (හිටපු ජනාධිපති කෙනෙකුට දෙන නිවාස කාර්‍යාල ආරක්ෂාව ඔහුටත් දෙනවා කියලත් තිබුනා එලවා දැමූ ජනාධිපති කෙනෙකුට එහෙම දීම නම් සුදුසුම නැහැ ජනතා මුදල් නාස්ති කිරීමක්) එහෙම සැලසුමක් තිබේනම් ගෝඨා නැවතත් ජනාධිපති වෙන්න බලනවා කියලා හිතෙනවා .එහෙම වුනොත් අරගලය පරාජය වෙනවා කොහොම නමුත් මෙතුමා කියන දෙයත් එකවරම ඉවතට දැමීම හොද නැහැ.