(ඩයනා උදයංගනී)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමට පිළිතුරු ලබාදීමට සුදානම් වී පැමිණීම සඳහා සතියක කාලයක් ඉල්ලමින් සිරිල් ගාමිණී පියතුමන් එම දෙපාර්තමේන්තුවෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (28) කැඳවා තිබූ සිරිල් ගාමිණී පියතුමා එහි නොපැමිණි අතර ඒ වෙනුවට වෙනත් පියතුමන්ලා තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මෙම ඉල්ලීම සහිත ලිපියක් ඒ වෙත භාරදුන්හ.
ශාන්ත කුමාර් වැලිවිට, රවීන් සඳසිරි සහ ශ්‍රීනාත් මනෝජ් යන පියතුමන්ලා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මෙම ඉල්ලීම භාරදීමට කටයුතු කළහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එම ඉල්ලීම පිළිගත් බව ඉන් පිටතට පැමිණි පියතුමන්ලා පැවසූහ.
රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කලැ පැමිණිල්ලට අනුව සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන්ට දැනුම් දී තිබිණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන් ප්‍රකාශ කලේ හොඳින්ම දැනගෙන නම් එය නැවත ප්‍රකාශ කරන්න සතියක්ම සූදානම් වෙන්න ඕනෙද ?
බෝම්බ කාරයෝ,මේ දඟලන්නේ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාව විත්තිකාරයෙක් කරන්න වගෙයි? බලමු මොකද වෙන්නේ කියලා? ආගම පැත්තකින් තියලා හෝ ආගම් අතහැරලා දාලා සත්‍යය වෙනුවෙන් පියතුමා සමග එතුමා වෙනුවෙන් සිටගන්නවා. බහුතරයක් උන පලියට මේ මිලේච්ජයෝ හිතාගෙන ඇති සත්‍යය වලලන්න. පාස්කු ප්‍රහාරයට කලින් හා ප්‍රහාරයට පසුව රටේ පවතී වාතාවරණය ගැන නිරීක්ෂණය කලොත් හොඳට වැටහෙනවා මේ ප්‍රහාරයේ මහමොලකරුවන් පිලිබදව. පාලකයින් පෝෂණය කල, අන්තවාදී ත්‍රස්ත කල්ලි නායකයින් දැන් තනතුරු වලිනුත් පිදුම් ලබනවා. සත්‍යය වලලන්න කලින් මේ තුප්පහි බෝම්බ මහමොලකරුවන් වැළලෙන එක වලක්වන්න කාටවත් බැහැ. එහෙම නැත්නම් ඉතින්, මේ ලෝකේ තියන සියලුම ආගම ධර්මයන් බොරු? අර කතාවක් තියනවනේ "කකුළුවා නටන්නේ හැලිය රත්වෙන කල් විතරයි" කියලා??
මේක තමයි සමහර අය හිටි හැටියේ මාධ්‍ය අවධානයට ලක් වෙන්නේ, ඒ කෙනාගේ ප්‍රතිරූපයට කරන හානිය ගැන නොසිතා නම් විතරක් කියනවා
කට මැද දොඩවන අය වැඩියි මීඩියා එකට ඇවිල්ලා. ගොඩක් පරිස්සමෙන් නිව්ස් අහන්න ඕනේ...
අපිත් ඒ කාලේ ටීචර්ට බොරු කිව්වම ඊලඟ දවසේ ඉස්කෝලෙ ගියේ නෑ.
වසර 30ක් මේ රටේ සැම තැනම බෝම්බ පිපිරුණා. ලක්ෂ සංඛ්‍යාවක් මිනිස්සු මැරුණා. පියතුමාලා ඒ කාලයේ කොහේද හිටියේ? තමන් දන්න දෙයක් ඇත්නම් සාක්කි ඇත්නම් ඒ බව ආරකෂක අංශ දැනුවත් කරන්න. දේව කන්නලව්වක් යවලා වැරදිකාරයින් සොයා දෙන්න බැරිද?