(නිමන්ති රණසිංහ)
රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා කළ පැමිණීල්ලට අදාළව ප්‍රකාශයක් ලබා දීමට නොපැමිණීමෙන් රජයේ නිලධාරියකුගේ නියෝගයකට අවනත නොවීම පිළිබඳව සිරිල් ගාමිණී පියතුමා සම්බන්ධයෙන් අධිකරණයට පැමිණීල්ලක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (05) නියෝග කළේය.
අදාළ පැමිණීල්ල සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා කුරණ, මීගමුව, ශාන්ත ආනා දෙව්මැදුර භාර සිරිල් ගාමිණී පියතුමාට දෙවතාවක් පැමිණීමට දැනුම් දුන්නද ඔහු නොපැමිණී බවත්, එය ලංකා දණ්ඩ නිති සංග්‍රහ පනතේ 164 සහ 174 වගන්ති ප්‍රකාරව වරදක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ 1979 අංක 19 දරන අපරාධ නඩු විදාන සංග්‍රහ පනතේ 109 (6) වගන්ති ප්‍රකාරවය.
ඒ අනුව, සිරිල් ගාමිණී පියතුමා රාජ්‍ය නිලධාරියකුගේ නියෝගයකට අවනත නොවීම සම්බන්ධයෙන් අධිකරණයට පැමිණීල්ලක් ඉදිරිපත් නොකළේ මන්දැයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළව සිරිල් ගාමිණී පියතුමන් සහ වෙනත් පාර්ශ්ව කිහිපයක් තමන් අපකීර්තියට පත්කිරීමේ අරමුණීන් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණීල්ලට අදාළව ඉදිරිපත් වූ මෝසන් පත්‍රයකට අනුව ඊයේ (05) මෙම කරුණු ඉදිරිපත් විණී.
රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 25 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතෝලිකයින් පාරට බස්සන්‍නයි ආණ්ඩුව සැරසෙන්නේ... පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉශ්ඨ නොකර මිනීමරුවන් ගැන කතාකරපු කෙනාව ප්‍රශ්න කරන්න ගන්නවා. අනුබල දීපු අය නිදැල්ලේ....
අධිකරණ තීන්දුව හිස නමා පිළිගන්නවා. හැබැයි දැන් නම් පාස්කු ප්‍රහාරයේ නො හඳුනන හෝ සැඟවුනු හෝ මහ මොළකරුගේ ඥාය පත්‍රය නම් තිතටම ක්‍රියාත්මක වෙනවා වගෙයි..
මහා මොලකාරයෝ, මුස්ලිම් අන්තවාදී තරුණයින්ව යොදාගෙන බෝම්බ ප්‍රහාරය සිදුකලාසේ, ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් හඬක් නගන ගරු, සිරිල් ගාමිණී පියතුමාටත් ඔවුන්ගේ සගයින් යොදාගෙන දඬුවම් කරන්න තමයි මේ සැලසුම් කරන්නේ. ප්‍රහාරයට පැය කිහිපයකට කලින් බුද්ධි අංශ ලොක්කන්ට ලැබුණු දුරකථන ඇමතුම ගැන දැන් කතා නැහැ නේද? ඒ පිලිබවැව හා ප්‍රහාරයේ මහා මොළකරුවන් ගැන ප්‍රශ්න කරද්දී, ප්‍රශ්න අහන අයව දඬු කඳේ ගැසීමට සැරසෙන්නේ මහමොලකරුවන්ගේ උවමනාවට බව පැහැදිලියි . හිතාගෙන ඇති කැලා නීතියෙන් ගැලවුනාට, විශ්ව ධර්මයේ නීතියෙන් ගැලවෙන්න.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු, මිනිමරුවෝ නිදහසේ නිදැල්ලේ.. ඇත්ත කියපු පියතුමා අත් අඩංගුවට ගන්න හදනවා. බලලෝභී දූෂිත දේශපාලුවන් රට අවුලවන්නයි හදන්නේ...
රජයට බෙදීම් අවශ්‍යයි; ව්යාපෘතිය ආරම්භ කර ඇත!
සාමාන්‍ය මිනිහෙක් මෙහෙම කතාවක් කිව්ව නම් එදාම හිරේ. බොරු ඇදබාන ලොකු අය නිදැල්ලේ.
හරිම කණගාටුයි. අගරදගුරුතුමා බොහොම මහන්සියෙන් ගොඩනගපු සංහිඳියාව
අපිට නම් දැන් සාධාරණ සැකයක් තියෙනව හරීන් ප්‍රනාන්දු කිව්ව වගේම මේ පියතුමන්ලත් ප්‍රහාරය ගැන කලින් දැන හිටිය කියල.
ජනාධිපති අය ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව එලියට දාන්නේ නැත්තේ. ? එතකොට කතාව ඉවරයි නේ.
තෙපරබාන්නේ නැතුව හරියට කරන දෙයක් කරන්න.
නීතිය ඉදිරියේ මෙතුමා සාමාන්‍ය පුද්ගලයෙක්. එමනිසා නීතිය ක්‍රීයාත්මක කරන්න