IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සූර්ය බලයෙන් විදුලිය හදන ව්‍යාපෘතියක් අරඹයි

(අංජුල මහික වීරරත්න) 

අඩු ආදායම්ලාභී නිවාස 25,000ක් සදහා  සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

එමගින් මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්තියක් ජාතික විදුලිබල පද්ධතියට එකතු  කිරීමට අපේක්ෂා කෙරෙන බවද අමාත්‍යවරයා කීය. 

ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය හිමිව තිබෙි.

ඉදිකිරීම් කටයුතු අතරමඟ නතරවූ නිවාස 69,000ක් අතුරින් නිවාස 25,000ක් මෙම ව්‍යපෘතිය සඳහා තෝරා ගන්නා බවත් එම නිවාසවල වැඩ අවසන්කොට වහලය මත සවිකෙරෙන සූර්ය පැනල මගින් කිලෝවොට් 20 විදුලියක් උත්පාදනය කෙරෙන අතර එම විදුලිය නිවාසවල පාවිච්චියට අමතරව ජාතික විදුලිබල පද්ධතියටද එක්කෙරෙන බව අමාත්‍යවරයා පවසයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 2017 වසරේ සිට අඩු ආදායම්ලාභී පවුල් වෙත ආධාර පදනමින් ඇරැඹූ  නිවාස ව්‍යාපෘති රැසක්  අතරමඟ නතරවී ඇතැයි ද ඒ අනුව මොණරාගල, අම්පාර, මඩකළපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුර, වවුනියාව,මන්නාරම, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්ක 11හි රජයේ ඉඩම්වල,  ඇති තෝරාගත් නිවාස වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. 



අදහස් (3)

සූර්ය බලයෙන් විදුලිය හදන ව්‍යාපෘතියක් අරඹයි

පුරවැසියෙක්. Thursday, 29 September 2022 12:21 PM

කතා පමණයි. වැඩ පෙන්නන්නට නැත. මෙම ව්‍යාපෘති වසර ගණනාවකට පෙර ආරම්භ කිරීමට තිබූ දේවල් නොවේද ?

:       0       0

ganegoda Thursday, 29 September 2022 01:56 PM

ඉර, හඳ පායන රටවල්වල සූර්ය විදුලිබලය අවුරුදු 25ක් විතර භාවිතා වෙනවා. ඒත් අපේ රටේ පාලකයෝ දිනපතාම මොකක්හරි මගෝඩි බොරුවක් කියලා කාලය කා දමමින් තමතමුන්ගේ වැටුප් දීමනා එකතුකරගන්නවා. කාටද මේවා පේන්නේ? කවුද මේවා තේරුම් ගන්නේ...?

:       0       1

සුදු ඇඳගෙන කලු ඇවිදින් Thursday, 29 September 2022 05:17 PM

පත්වෙච්චි හැම ආණ්ඩුවක්ම සැලසුම් කරපු, කටින් හදපු ව්‍යාපෘති තිබ්බාට මහ පොළවේ යතාර්ථයක් වෙලා නැහැ ආයිබෝවන්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 576 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 725 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 305 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site