(සුජිත් හේවාජුලිගේ )
සුරාබදු දෙපාර්තමේන්තුවේ පළපුරුදු උසස් නිලධාරීන්( ප්‍රධානීන්) 21 දෙනෙකු මේ වසර අවසානයේදී ( ලබන දෙසැම්බර් 31) විශ්‍රාම ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
මේ පිරිසට එසේ විශ්‍රාම ගැනීමට සිදුව ඇත්තේ රජයේ නිලධාරීන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 සිට 60 දක්වා අඩු කිරීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණය හේතුවෙනි.
උසස් නිලධාරින් විශාල ප්‍රමාණයක් මෙලෙස එකවර විශ්‍රාම යෑම නිසා එම දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු පවත්වාගෙන යෑමට දැඩි බාධාකාරී තත්වයක් මතු වනු ඇතැයි දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
වසර අවසානයේදී මෙලෙස විශ්‍රාම යෑමට නියමිතව සිටින පිරිසට අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල්, සුරාබදු කොමසාරිස්, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්, සහකාර සුරාබදු කොමසාරිස් සහ සුරාබදු අධිකාරි යන නිලයන් දරන අය ඇතුළත් වෙති.
සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් තනතුරු 11ක් පමණ දැනටමත් පුරප්පාඩු වී පවතී. මෙම විසි එක් දෙනා විශ්‍රාම යෑමත් සමග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරී පුරප්පාඩු සංඛ්‍යාව තිස්තුනක් දක්වා ඉහළ යනු ඇත.
මේ පුරප්පාඩු පිරවීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දැනුම්දී ඇතත් ඒ කටයුතු දිගින් දිගටම ප්‍රමාද වෙමින් පවතින බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මත්පැන් මිල ඉහළ යෑමත් සමග නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට වැඩි වශයෙන් යොමු වීමට පෙලඹී සිටින තත්වයක් යටතේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමට සුරාබදු දෙපාර්තමේන්තුව සක්‍රීයව මැදිහත් විය යුතු අවස්ථාවක පළපුරුදු දක්ෂ නිලධාරීන් මෙලෙස විශ්‍රාම යෑමෙන් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට දැඩි බාධාකාරී තත්වයක් මතු වනු ඇතැයි එහි ප්‍රධානියෙක් ලංකාදීපයට පැවැසීය.
මේ සම්බන්ධයෙන් අප සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පළපුරුදු දක්ෂ නිලධාරීන් විශ්‍රාම යෑම දෙපාර්තමේන්තුවේ කටයුතුවලට ලොකු බාධාවක් යැයි තමා පිළිගන්නා බවයි.
මේ කාරණය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම ගැටළුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔක්කොම මහාපරිමාණ ජාවාරම් කාරයෝ... නීතිවිරෝධී මත්පැන්වලට විරුද්ධව මොවුන් කරන දෙයක් නැහැ. මහා පරිමාණයෙන් පගාව ගහලා හොඳට ගරාගෙන කෝටිපතියන් ලෙස ජීවත් වෙන්න. ගෙදර යවන්න.
වයසක ලොක්කෝ ටික ගියා කියලා ඔය ආයතන කඩා වැටෙන්නේ නැහැ... දූෂණ, වංචා අඩුවෙයි මෙයාලා ගියාම...!
රාජ්‍ය සේවකයින් අවුරුදු 60න් තමයි කොහොමත් විශ්‍රාම යන්නේ. ඒක අළුත් තත්වයක් නෙවෙයි. අවුරුදු 65 දක්වා සේවය කරන්න පුළුවන් කරලා තවම අවුරුදු දෙකක්වත් නැහැ. නියම නීතිය තිබුණා නම් කොහොමත් මේ අය විශ්‍රාම යා යුතු බව දන්නේ නැතිද? ඊලඟ පරම්පරාවට ඉඩ දෙමු.
මේවට බඳවා ගන්න ඕනෑතරම් බේබදු රාජ්‍ය නිලධාරින් ඉන්නවනේ...!
පළපුරුද්දේ තරම බලාගන්න තිබුණා වත්කම් ගැන හොයලා බැලුවනම්.
හොඳට ජරාව කන තැනක් ඔතන. නිත්‍යානුකූලව වැඩක් කරගන්න පුදුම අමාරුවක් තියෙන්නේ.
යකෝ මේක පුදුම රටක්. කට්ටිය කෑගහනව නාකි අයින් කරන්. තව කට්ටියක් නාකි අයින් කරන්න එපා කියනවා. මේවා දාන මාධ්‍යයට ඔක්කොටම වඩා පිස්සු.
වචනයේ අර්ථයෙන්ම මෙයාලා සුරාබදු වලට ලොක්කෝ. හරියටම බදු ගහනවා. හැබැයි රජයේ ගිණුම් වලට පෙන්නන්නේ ටිකයි. රජයේ රැකියාවක් කරාට කෝටිපති පොහොසත්තු. 60න් යන්නත් දුක ඇති. කමක් නෑ. යන්න. ක්‍රමය වෙනස් නොවුනත් අලුත් කෙනෙකුට රස්සාවක් හරි ලැබෙනවානේ..