IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


සුරාබදු ලොක්කෝ 21ක් දෙසැම්බරයේ ගෙදර

(සුජිත් හේවාජුලිගේ )

සුරාබදු දෙපාර්තමේන්තුවේ පළපුරුදු උසස් නිලධාරීන්( ප්‍රධානීන්)   21 දෙනෙකු මේ වසර අවසානයේදී ( ලබන දෙසැම්බර් 31) විශ්‍රාම ගැනීමට  නියමිතව ඇතැයි වාර්තා වේ.

මේ පිරිසට එසේ විශ්‍රාම ගැනීමට සිදුව ඇත්තේ  රජයේ නිලධාරීන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 සිට  60 දක්වා අඩු කිරීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණය  හේතුවෙනි.

උසස් නිලධාරින් විශාල ප්‍රමාණයක් මෙලෙස එකවර විශ්‍රාම යෑම නිසා  එම දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු පවත්වාගෙන යෑමට දැඩි බාධාකාරී තත්වයක් මතු වනු  ඇතැයි දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

වසර අවසානයේදී මෙලෙස විශ්‍රාම යෑමට නියමිතව සිටින පිරිසට  අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල්, සුරාබදු කොමසාරිස්, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්, සහකාර සුරාබදු කොමසාරිස් සහ සුරාබදු අධිකාරි යන නිලයන් දරන අය ඇතුළත් වෙති.

සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් තනතුරු 11ක් පමණ දැනටමත් පුරප්පාඩු වී පවතී. මෙම විසි එක් දෙනා විශ්‍රාම යෑමත් සමග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරී පුරප්පාඩු සංඛ්‍යාව තිස්තුනක් දක්වා ඉහළ යනු ඇත.

මේ පුරප්පාඩු පිරවීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන්  සභාවට දැනුම්දී  ඇතත්  ඒ කටයුතු දිගින් දිගටම ප්‍රමාද වෙමින්  පවතින බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මත්පැන් මිල ඉහළ යෑමත් සමග නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට වැඩි වශයෙන් යොමු වීමට පෙලඹී සිටින තත්වයක් යටතේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමට සුරාබදු දෙපාර්තමේන්තුව සක්‍රීයව මැදිහත් විය යුතු අවස්ථාවක පළපුරුදු දක්ෂ නිලධාරීන් මෙලෙස  විශ්‍රාම යෑමෙන් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට  දැඩි බාධාකාරී  තත්වයක් මතු වනු ඇතැයි එහි ප්‍රධානියෙක් ලංකාදීපයට පැවැසීය.

මේ සම්බන්ධයෙන් අප සුරාබදු කොමසාරිස් ජනරාල්  එම්. ජේ ගුණසිරි මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  පළපුරුදු දක්ෂ නිලධාරීන් විශ්‍රාම යෑම දෙපාර්තමේන්තුවේ කටයුතුවලට  ලොකු බාධාවක් යැයි  තමා පිළිගන්නා බවයි.

මේ කාරණය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයිද  ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියකුගෙන්  කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම ගැටළුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි.



අදහස් (9)

සුරාබදු ලොක්කෝ 21ක් දෙසැම්බරයේ ගෙදර

de silva Sunday, 06 November 2022 02:34 PM

ඔය ඔක්කොම මහාපරිමාණ ජාවාරම් කාරයෝ... නීතිවිරෝධී මත්පැන්වලට විරුද්ධව මොවුන් කරන දෙයක් නැහැ. මහා පරිමාණයෙන් පගාව ගහලා හොඳට ගරාගෙන කෝටිපතියන් ලෙස ජීවත් වෙන්න. ගෙදර යවන්න.

:       2       33

WCASunday, 06 November 2022 03:19 PM

ඔව් දැන් මේ පළපුරුද්දෙන් කොරල තියෙන හැටි හොදටම ඇති.

:       2       21

ranjith Sunday, 06 November 2022 05:15 PM

වයසක ලොක්කෝ ටික ගියා කියලා ඔය ආයතන කඩා වැටෙන්නේ නැහැ... දූෂණ, වංචා අඩුවෙයි මෙයාලා ගියාම...!

:       2       20

chan Sunday, 06 November 2022 07:49 PM

රාජ්‍ය සේවකයින් අවුරුදු 60න් තමයි කොහොමත් විශ්‍රාම යන්නේ. ඒක අළුත් තත්වයක් නෙවෙයි. අවුරුදු 65 දක්වා සේවය කරන්න පුළුවන් කරලා තවම අවුරුදු දෙකක්වත් නැහැ. නියම නීතිය තිබුණා නම් කොහොමත් මේ අය විශ්‍රාම යා යුතු බව දන්නේ නැතිද? ඊලඟ පරම්පරාවට ඉඩ දෙමු.

:       1       20

A kasthuriarachchi Sunday, 06 November 2022 08:52 PM

මේවට බඳවා ගන්න ඕනෑතරම් බේබදු රාජ්‍ය නිලධාරින් ඉන්නවනේ...!

:       0       0

Prabha Sunday, 06 November 2022 09:12 PM

පළපුරුද්දේ තරම බලාගන්න තිබුණා වත්කම් ගැන හොයලා බැලුවනම්.

:       0       0

ananda Sunday, 06 November 2022 09:51 PM

හොඳට ජරාව කන තැනක් ඔතන. නිත්‍යානුකූලව වැඩක් කරගන්න පුදුම අමාරුවක් තියෙන්නේ.

:       0       0

Prase Monday, 07 November 2022 10:16 AM

යකෝ මේක පුදුම රටක්. කට්ටිය කෑගහනව නාකි අයින් කරන්. තව කට්ටියක් නාකි අයින් කරන්න එපා කියනවා. මේවා දාන මාධ්‍යයට ඔක්කොටම වඩා පිස්සු.

:       0       1

Ruwan R Monday, 07 November 2022 10:53 AM

වචනයේ අර්ථයෙන්ම මෙයාලා සුරාබදු වලට ලොක්කෝ. හරියටම බදු ගහනවා. හැබැයි රජයේ ගිණුම් වලට පෙන්නන්නේ ටිකයි. රජයේ රැකියාවක් කරාට කෝටිපති පොහොසත්තු. 60න් යන්නත් දුක ඇති. කමක් නෑ. යන්න. ක්‍රමය වෙනස් නොවුනත් අලුත් කෙනෙකුට රස්සාවක් හරි ලැබෙනවානේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site