
(කේ බුද්ධික කුමාරසිරි)
රුපියල් මිලියන 04 කට වැඩි වටිනා විදුලි උපකරණ සොරාගත් සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
අවිස්සාවේල්ල ,පුවක්පිටිය, මාදොල , ගෙවල් පන්සියය , දෙහිඕවිට , කොස්ගම ඇතුළු ප්‍රදේශ ගණනාවක පිහිටි නිවාස සහ ව්‍යාපාරික ස්ථාන වලින් මෙලෙස සොරකම් කර ඇති බවද පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට අත් අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරිම් වලදී ලබාදෙන ලද තොරතුරු මත සිදුකළ විමර්ශණ වලදී එම පුද්ගලයා විසින් සොරකම් කරන ලද ලැප්ටොප් පරිඝණක 09 ක්, රූපවාහිනී යන්ත්‍ර , ජංගම දුරකථන , විදුලි උපකරණ , අත් ඔර්ලෝසු, කැමරා ඇතුළු උපකරණ රැසක් සොයාගෙන ගැනීමට හැකිව ඇත.
අවිස්සාවේල්ල කිරිවන්දල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු කැළණිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින බවත් , සොරා ගන්නා ලද රුපියල් මිලියන 05 කට ආසන්න වටිනාකමැති තවත් වටිනා භාණ්ඩ රැසක් ඉතා සුළු මුදලකට අලෙවි කර එම මුදල් මත්ද්‍රව්‍ය භාවිතයට යොදාගෙන ඇති බවටත් අනාවරණය වූ බවද කරගෙන ඇති බවද අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.
.
2025 දෙසැම්බර් මස 16
12
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සොරාගත් විදුලි උපකරණ සමඟ අයෙක් අල්ලයි