(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

කොටදෙනියාව හා කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයන් හි  වෙළඳසැල් පාසැල් හා නිවාස රැසක දේපළ සොරා ගැනීමේ යෙදුණු බවට සැක කරන යුවලක්්එසේ සොරාගත් රන් ආභරණ ඇතුළු දේපල තොගයක් සමග   අත්අඩංගුවට ගත් බව කොටදෙනියාව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල මීගමු පාර    අම්මාන් කෝවිල මාවත  ප්‍රදේශයේ පදිංචි යුවලකි.

එළුගාලේ මංජු යන සැකකරු දේපොළ සොරා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් ද ඔහුගේ බිරිඳ සොරබඩු ළඟ තබාගැනීම සම්බන්ධයෙන්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත

සැකකාර යුවළ  මෙසේ දේපොළ සොරා ගත්  ස්ථාන 13ක තොරතුරු පොලිසියට ලැබී ඇති අතර රුපියල් කෝටියකට ආසන්න   වටිනා කමක් ඇති          මුදල් භාණ්ඩ හා ස්වර්ණාභරණ සොරා ගෙන ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත 

සොරකම් කරන ලද රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමින් යුත් ස්වර්ණාභරණ ඇතුළු භාණ්ඩ  ප්‍රමාණයක්   මූලික පොලිස් පරීක්ෂණවලදී හොයා ගැනීමට හැකි වූ බව කොටදෙනියාව පොලිසිය සඳහන් කරයි .

කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයේ සිදු වූ නිවාස බිඳුම් 11කට හා කොටදෙනියාවේ සිදු වීම් දෙකකට මෙම  සැකකරුවන් සම්බන්ධ බව මේ වන විට අනාවරණය වී ඇත .

කිතුල්වල මුනිදාස කුමාරතුංග විදුහලේ විදුහල්පති නිල කාමරය කඩා මුදල් සොරා ගැනීම ද මෙම සැකකරුවන් විසින් සිදු කර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ 

නිවාස හා ව්‍යාපාරික ස්ථානවල කිසිවෙකු නොමැති අවස්ථාවන්හි දී මෙසේ දේපොළ සොරා ගැනීමට මොවුන් පෙළඹී ඇති බව ද  අනාවරණය වී ඇත