
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ්‍රී දළදාමාලිගාවේ මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.
ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන බැතිතුන් විශාල ලෙස පැමිණීම පිළිබඳව අවදානය යොමු කර මෙම තීරණය ගත් බව ද එම නිවේදනයේ සඳහන් වේ.
COMMENTS
මේ දළදා පෙන්වීමට වෙන් කර ඇති කාලය ඉතාම මදි . මේක තේවාවන් සහ පූජාවන් පවතින කාල හැර අනෙකුත් කාලවල නොකඩවා පෙන්වන්න . රැ එළිවෙනකම් බැරි නම් අඩු වශයෙන් රැ 12 විතර වෙනකම් වත් පෙන්වන්න . එතකොට මිනිසුන්ට මෙචචර දුක් නොවිඳ දළදා බලන්න පුළුවන් .
වෙලාව මදි නම් තමයි.
මාසයක් හරි පෙන්නලා ඉවර කරන්න. හැමෝටම බලන්න අයිතියක් තියෙනවානේ. අවුරුදු 5 වතාවක්වත් පෙන්වන්න පුලුවන් නම් හොඳා.
ඉතා විශාල වශයෙන් බැතිමතුන් පැමිණෙන බැවින් හැකි නම් වන්දනා කිරීමට වෙන්කර ඇති කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටිමි.
අපි ගෙදර ඉඳන් පින් අනුමෝදන් උනා (හම්බන්තොට), ඇවිත් දවස් 4-5ක් ගත කරන්න බෑ නිවාඩු නෑ. අපේ එකම ඉල්ලීම අවුරුදු 5කට සැරයක්වත් අපිට වන්දනා කරගන්න අවස්ථාව ලබා දෙන්න වුණානම් හොඳයි, ගොඩක් පින්.
අනිවාර්යයෙන්ම හාමුදුරුවන්ගේ බමුණු මත දවස් 10 කට ඉවත්කර අඩුම ගානේ හවස තේවාවෙන් අනතුරුව රෑ7 සිට11 වෙනකන්වත් රෑට පෙන්නුවා නම් මිනිස්සු රැඳෙන්නේ නැහැනේ... කාට කියන්නද?