
(නිමල කොඩිතුවක්කු)
1999 අංක 46 දරන ප්‍රජා පාදක විශෝධන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
නැවත නැවත අපරාධ සිදු කරන වැරදිකරුවන් සම්බන්ධයෙන් වඩාත් ඵලදායී ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි අදාළ විධිවිධාන යාවත්කාලීන කරමින් 1999 අංක 46 දරන ප්‍රජා පාදක විශෝධන පනත සංශෝධනය කිරීම සඳහා 2025-04-07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
එකී අනුමැතිය පරිදි, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිකාශනය ලැබී ඇත. ඒ අනුව, ප්‍රජා පාදක විශෝධන (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd