(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ලෝකයේ වේගවත් පැතිරීමක් සහිත බී.ඒ 5 කොවිඩ් අනු ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශ හතරකින් සොයාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.
එම ප්‍රදේශවලින් ලබාගත් ජෛව පටල සාම්පල හැට හතක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර ඉන් 60 කම මෙම සැර කොරෝනා අනු ප්‍රභේදය තිබි හමුවූ බවද හෙතෙම සඳහන් කළේය.
අනෙකුත් ඔමික්‍රෝන් අනු ප්‍රභේද අනෙක් සාම්පල හතේ තිබී සොයාගත් බවද හෙතෙම සඳහන් කළේය.
මෙසේ පරීක්ෂාවට ලක් කර ඇත්තේ කොළඹ ගම්පහ කුරුණෑගල සහ පුත්තලම යන ප්‍රදේශවලින් ලබාගත් කොවිඩ් ආසාදිතයන්ගේ ජෛව පටල සාම්පලයන්ය.
වේගවත් පැතිරීමක් සහිත බී.ඒ 5 කොවිඩ් අනු ප්‍රභේදය ප්‍රදේශ කිහිපයකින් මීට පෙරද සොයා ගැනිණ.
සෞඛ්‍ය අංශ විසින් බාරදෙනු ලැබූ මෙම ජෛව පටල සාම්පල සම්බන්ධයෙන් ජාන විශ්ලේෂණ පරීක්ෂණ කරනු ලැබුවේ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂකයන් පිරිසක් විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd