
(සුජිත් හේවාජුලිගේ)
තවත් සැර කොරෝනා වයිරස ප්‍රභේද රටපුරා ව්‍යාප්තව ඇත්දැයි සෙවීම සඳහා ආරම්භ කළ පරීක්ෂණයේ අවසන් වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාට හෙට (10) උදේ බාරදෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ලංකාදීපයට පැවැසීය.
එම පරීක්ෂණ කටයුතු අද (9) වන විට බොහෝ දුරට නිමා වී තිබූ බවද ඔහු ප්‍රකාශ කළේය.
සැර කොරෝනා වයිරස ප්‍රභේද සෙවීමේ මෙම පරීක්ෂණය ආචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වූයේ මීට සති කිහිපයකට පෙරදීය.
දිවයිනේ විවිධ ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන්ගෙන් ලබා ගත් ජෛව පටල සාම්පල 96ක් මේ පරීක්ෂණ සඳහා යොදා ගැනිණ.
ලෝකයේ විවිධ රටවල ව්‍යාප්තව ඇති සැර කොරෝනා වයිරස ප්‍රභේද පහක් මෙරට ව්‍යාප්තව තිබී පසුගිය කාලයේ දී සොයා ගනු ලැබුවේද මෙම වෛද්‍ය පර්යේෂක කණ්ඩායම විසිනි.
සර කොරෝනා වයිරස ප්‍රදේශ සෙවීමේ පරීක්ෂණ ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තනිකරම බොරුවක්