(සුජිත් හේවාජුලිගේ)
පේරාදෙණිය, රුහුණ ඇතුළු විශ්ව විද්‍යාල තවත් තුනක කොවිඩ් ජාන විශ්ලේෂණ පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය.
මේ සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට කටයුතු යොදා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ දැනට සිදු කෙරෙන බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේද ජාන විශ්ලේෂණ පරීක්ෂණ කටයුතු පුළුල්ව ගෙවීමට බලාපොරොත්තු වන බවත් හම්දානි මහතා පැවැසුවේය.
සැර කොරෝනා වයිරස ප්‍රභේද සොයා ගැනීම වේගවත් කිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙරට ව්‍යාප්තව ඇති ඩෙල්ටා ඇතුළු සැර කොරෝනා වයිරස ප්‍රභේද රැසක් සොයා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය පසුගිය දිනවල සමත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනාවේ සැර ප්‍රබේද සොයනවාට වැඩිය කොරෝනාවට එරෙහි ප්‍රතිදේහයක් සොයා පරීක්ෂණ කරන්න බැරි ඇයි? කොරෝනා උපත ලද චීනයේ තවත් ප්‍රභේද සොයන්න වියදම් කරපු බවක් පේන්න නැහැ. කෝවිඩ් 19 පමණයි. ආවේ. ලංකාවේ තමයි කොරෝනාව කෑලි වලට කඩලා විශ්ව විද්‍යාලවලින් එළියට දාන්නේ... එහෙම දැම්මා කියලා ඇතිවෙච්චි සෙතක් නම් පේන්න නැහැ... එකම සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරිම පමණයි... සිදු වන්නේ. චීනය කොරෝනාව කොටස් කරල විශ්ව විද්‍යාලවල හා වෛද්‍යවරුන්ගේ නම් ප්‍රසිද්ධ කරගන්න ගියේ නැහැ. කොරෝනාවට ප්‍රතිදේහයක් නිෂ්පාදනය කළා... සයිනොෆාම් වැක්සින් එක... අද අපේ ලංකාවේත් වැඩියෙන් ගහන්නේ සයිනෝෆාම්. අනේ තවත් මුදල් වියදම් කරන්න එපා කොරෝනාව කෑලි වලට කඩන්න ඉන් කිසිම සෙතක් නැහැ. පුළුවන් කණ්ඩායමක් ඉන්නවා නම් ප්‍රතිදේහයක් නිපදවන්න ඒ සඳහා මුදල් හිඟාකාලා හරි රටේ මිනිස්සු සොයා දේවි...
කොහොමහරි ඉක්මනින් කොරෝනා ඉවර කරනන බලන්න