
(ඩයනා උදයංගනී)
අධික පොලියට ණය ලබාගෙන මහා පරිමාණයෙන් කොමිස් ගසමින් කළ මේ සංවර්ධනයේ ප්‍රතිඵල දැන් ජනතාවගේ හිස මත කඩා වැටෙමින් ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිදි නිදහසෙන් පසු පළමු වතාවට රට බංකොලොත් වීමට යන බව කී මන්ත්‍රීවරයා කිරිපිටි, ගෑස්, භූමිතෙල් මෙන්ම විදුලිය නැති රටක් වීමේ භයානක අනතුරට රට ගමන් කරමින් ඇතැයි සඳහන් කළේය.
රට ගලවාගැනීමේ වැඩපිළිවෙල නුදුරේදීම ජාතිය හමුවට ගෙන ඒමට තමන් බලාපොරොත්තු වන බව කී චම්පික රණවක මහතා මෙම තත්වයෙන් රට මුදා ගැනීමට එක් වන්නැයි ආණ්ඩුවේ සහ විරුද්ධ පක්ෂයේ දූෂණයට යටත් නොවූ දේශපාලකයින්ගෙන්, රට කරවා පුරුදු නිලධාරීන් ඇතුළු වෘත්තීයවේදීන්ගෙන් ඉල්ලා සිටින බව ද පැවසීය.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ වන විට ශ්‍රී ලංකාව සතුව ඇත්තේ ඩොලර් කෝටි 150 ක පමණ විදේශ වත්කමක් බව කී මන්ත්‍රීවරයා එළඹෙන වසරේ මුල් මාස කිහිපය, අතිශය තීරණාත්මක වනු ඇතැයි සඳහන් කළේය.
එම ප්‍රමාණයත් යහපාලන රජය සමයේ ගොඩනගා ගත් සංචිතවල ඉතිරිය බව කී මන්ත්‍රීවරයා 2022 වසරේ ගෙවිය යුතු සමස්ත ණය බර පමණක් ඩොලර් කෝටි 700 කට අධික බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මහපාරෙ වාහන අනතුරකින් අසරණ වූ තරුණයාගේ වගකීමත් මේ වනවිට දරන්නේ ඔහුගේ දුප්පත් දෙමව්පියන් විසිනි. වගකිව යුත්තෝ නිහඬව සිටියි.
මෙන්න වෙන්න ජනපති, ඊළඟ කෙනා. රට කරවා පුරුදු දූෂන චෝදනා නැති පක්ෂ විපක්ෂ අයට ආරාධනා කරන්නේ අනික් වෙන්න ජනපති ළඟ ඉන්න අය.. පිරිසිදුම අය නෙවේද? අම්මේ රටට ආදරේ කට්ට්ය දැන් වැහි වැහැලා.
එලොවත් නැති, මෙලොවත් නැති මිනිස්සු... හරි නම් මෙයා ඉන්න ඕනෑ ඇතුලේ... !
ජනතාවට ඔය කියන තරම් ප්‍රශ්නයක් නෑ මහත්තයෝ... !
රට ගලවාගන්න කතා කරන්න ඉස්සෙල්ලා තමුන් ශීලාචාර මනුස්සයෙක් වෙන්න බලන්න...
නැතුව කවද්ද අපේ බර ඔහෙලගේ ඔලුවලට ගත්තේ...? ඔහෙලා කලේ බර අපේ ඔලුවට තිබ්බ එකයි..