
(විනීතා එම් ගමගේ)
දේශීයව පොහොර නිපදවීම සඳහා වසර 100කට අවශ්‍ය පොස්පේට් එප්පාවල පොස්පේට් නිධියේ නිදන්ගතව පවතින බවට ගවේෂණයකින් හෙළි වූ බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය කියයි.
වර්ග කිලෝමීටර් 04ක් පුරා විහිද පවතින එම පොස්පේට් නිධියේ පොස්පේට් ටොන් මිලියන 25ක් ඇති අතර මෙම නිධිය විධිමත් පරිදි භාවිතය තුළින් පොහොර ආනයනය සිදු නොකර මෙරට දීම නිපදවිය හැකි බව ද එම ගවේෂණය සිදුකළ පර්යේෂක කණ්ඩායම පෙන්වා දී තිබේ.
සාමාන්‍යයෙන් ආනයනික ටී.එස්.පී පොහොරවල කැඩ්මියම් නමැති බැර ලෝහය විශාල ප්‍රතිශතයකින් පවතින නමුත් මෙම පොස්පේට්වලින් කැඩ්මියම් මුසු නොවන ටීඑස්පී පොහොර නිපදවිය හැකි බව ද, රජය විසින් වාර්ෂිකව වැය කරන රුපියල් බිලියන 09ක පමණ මුදලක් අපේ රට තුළ ම ඉදිරි කර ගත හැකි බව ද එම ගවේෂණ වාර්තාව පෙන්වා දී ඇත.
1999 වසරේ දී එවකට පැවැති රජය පොස්පේට් නිධිය පෞද්ගලිකරණය කිරීමේ උත්සාහයක දී සීමාසහිත පාරිසරික පදනම ඊට එරෙහිව පවරන ලද නඩුවකට ලැබුණු නියෝගයක් අනුව මෙරට ඇති වැදගත්ම සම්පතක් වන පොස්පේට් නිධිය ගැන මෙම ගවේෂණය සිදුකෙරිණි.
කර්මාන්ත අමාත්‍යංශය, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්ං්යශය හා පරිසර අමාත්‍යංශයේ භූ විද්‍යාඥ කණ්ඩායම් තුනක් මෙම ගවේෂණය සිදුකළ අතර ඒ සඳහා රුපියල් මිලියන 16ක් පරිසර අමාත්‍යංශය වැය කර තිබේ.
එම ගවේෂණයේ වාර්තාව මේ වනවිට අමාත්‍යවරයාට ලබා දී ඇති අතර එහි සඳහන්ව ඇත්තේ පොස්පේට් නිධියේ දකුණු කළාපයේ පොස්පේට් විශාල ප්‍රමාණයක් ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මේ අද ඊයේ හදිස්සියෙම හොයා ගත්තුවා නෙමෙයි ..1999 දී මේක නොරටුන්ට විකුණනවට විරුද්ධව සටන් අක්රපු අයත් මේවා දැනගෙන තමයි බෙර ගත්තේ .හැබැයි දේශපාලුවෝ මේවා පාවිච්චි කරනනේ මෝඩ දායකයන්ව ගොනාට අන්දවන්න .ඒ නිසා තමයි සේරම ප්‍රශ්න
අපට කැටයම් සහිත වර්ණවත් කතාවන් කිසිසේත්ම අවශ්‍ය නැත. අච්චර තියෙනවා මෙච්චර තියෙනවා අරව හදන්න පුළුවන් මේවා හදන්න පුළුවන් වැනි කතා අවශ්‍ය නැත. තමන් උපන් රට වෙනුවෙන් තමන්ගේ වැඩ නිසිලෙස අවංකව කර ප්‍රතිපල පෙන්වීම පමණක් හොදටම ප්‍රමාණවත් බව දැන්වීමට කැමැත්තෙමු.
මෙම වටිනා සම්පත ආරක්ෂා කළයුතුයි. දැනටමත් විකුණන්න සැලසුම් කරලා ඇති...
විශාල නිල් මැණිකක් මත පඩංගුවක් එලාගෙන දෙකකුල් අස්සේ ඔලුව සගවා ගෙන සිටින මුග්ධයින් රජකරන තුරු සම්පත් වලින් ප්‍රයෝජනයක් ගත නොහැකිය...
ශ්‍රී ලංකාවේ නැත්තේ මොනවාද? රට ගැන, ජනතාව ගැන සැබෑ කැක්කුමක් ඇති අවංක දේශපාලන පක්ෂයක් බලයට නොපැමිණිම පමණයි නැත්තේ. රජයේ වියදමෙන් නිධිය (නිධානය) ගැන විස්තරය ලබා ගන්නා පාලකයින් මේකෙන් තමන්ගේ කුට්ට්ය ලබාගැනීමේ සැලැස්මක් ඊළග පියවර වශයෙන් ක්‍රියාත්මක කරනු ඇත. එදත් අදත් අප දකින සංවර්ධන එයයි. තියෙන එකත් විකුණන කාලකණ්නි පාලකයින්ගෙන්, මෙවැන්නක් රටට වැඩදායක කර්මාන්තයක් ලෙස ඉදිරියට ගෙන ඒමක් ගැන සිතිය නොහැකියි. දේශපාලකයින්ට කුක්කන්, බැලයන් නොවන රටට ආදරය කරන රාජ්‍ය නිලධාරීන්ගේ මග පෙන්වීමක් මේ වෙන කොට රටේ අවශ්‍යතාවක් වී ඇත..
ඒ නිපදවන්නෙත් රසායනික පොහොර නේද?
ලංකාවෙ ඉන්න දේසපාලකයන් මේ මහපොලවට සේවය නොකරන තාක් අපිට අනාගතයක් නැත ඉහලම නිලදාරියා ගේ සිට හොරකම . වන්චාව නවතින වැඩ පිලිවෙලක් සැකසිය යුතුයි කාබනික සහ රසායනික මික්ස් වගාවට යනගමන් කොටසක් ඕගනික් වගාව කලයුතුයි ලංකාවෙ ඇති සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගෙන රටතුලම වැඩිපුර පොහොර නිපදවියයුතුයි. කවුද මේව කරන්නෙ හරිම දුකෙන් ඉන්නෙ මමනම් හිතන්නෑ මේ මිනිස්සු හොද වැඩක් කරයි කියලා.
එපා වෙලා පොහොර නිදිය ගවේෂණය කරන්න පටන් අරගෙනත් දැන් අවුරුදු 70 කට කිට්ටුයි