(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විධායකයට ක්‍රියා කරන්නට බැරි වී ඇති හෙයින් වගකීම පාර්ලිමේන්තුව බාරගෙන සියලුම දෙනා එකතු වී අර්බුදයට විසඳුමක් සෙවිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය  සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ  මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අද (5) පැවසීය.

පාර්ලිමේන්තුව යුතුකම ඉටු කළේ නැතිනම් පාර්ලිමේන්තුවේ සියලුම දෙනාට විරුද්ධවත් ජනතාව පෙළ ගැසෙනු ඇති බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් තමන්ගේ අදහස් ප්‍රකාශ කළ අතර මෙතැන කතා කරද්දී විපක්ෂයේ සහාය අවශ්‍ය නම් විපක්ෂයට දොස් කියන්න එපා යැයි ඉල්ලා සිටින බවයි..එහෙම වුනොත් තත්ත්වය තවත් උග්‍ර වෙන බවද හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසීය.