(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගතය, ආර්ථික අර්බුදය ඇතුළු රට මුහුණ දී සිටින සියලුම අර්බුදයන්ගෙන් රට මුදා ගැනීමට අවශ්‍ය යාන්ත්‍රණය රජය ක්‍රියාත්මක කර ඇතැයි වරාය හා නාවුක කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹ දී අද (10) පැවසීය.
රජයක් ලෙස රටටත් ජනතාවටත් සිදුවිය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීම තම රජයේ ඒකායන අරමුණ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වරාය හා නාවුක කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ ද පැවසීය .
"පසුගිය දිනවල මේ රටේ වෙළඳ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා අපි දැක්කා. මේ රටේ ඉතිහාසයේ දී අපි ත්‍රස්තවාදය දැක්කා. ත්‍රස්තවාදය පැවති යුගයේදී උතුරු නැගෙනහිර ඇතුළු සෑම ප්‍රදේශයකම ජනතාව දුෂ්කරතාවලට මුහුණ දුන්නා. ඒ වගේම සුනාමි ඛේදවාචකයටත් අපි මුහුණ දුන්නා. රටට ව්‍යසනයක් වෙච්ච වෙලාවක තමන්ගේ ව්‍යාපාරයෙන් අයුතු ලාභ ලැබීමට කවුරුහරි උත්සාහ කරනවා නම් ඒක ඉතාම වැරැදි සහගත දෙයක්. සුනාමිය අවස්ථාවේදී වතුරේ ගසාගෙන ගිය ළමයෙකුගෙන් මාලේ කඩා ගන්නවා අපි දැක්කා. මේ වෙලාවෙත් භාණ්ඩ හංගගෙන ඉඳලා වැඩි මිලට අලෙවි කරන්න වෙළෙන්දො බලාගෙන ඉන්නවනම් ඒ වගේ වැඩක් තමයි මේ කරන්න හදන්නේ කියන එක අපි කිව යුතුයි.
රජයක් විදියට එවැනි කූට උපක්‍රම නවත්තලා ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්න අපි කටයුතු කරනවා. මේ වෙලාවෙත් හදිසි නීතිය සම්මත කරගත්තේ මේ රටේ ජනතාව වෙනුවෙන්.ජනතාවට ආහාර නොදී මරන්න හදනවා නම් ජනතාව ආර්ථිකව වට්ටම් හදනවා නම් ජනතාවට දැරිය නො හැකි මුදලකට භාණ්ඩ ලබා දෙනවා නම් රජයක් විදියට අපිට එයට ඉඩ දිය නොහැකියි. ඒ නිසා තමයි රජයක් විදිහට අපි හදිසි නීතිය පනවලා මේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ රජයේ නියමිත කරන මිලට ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේය.
රටේ පවතින ව්‍යසනය තේරුම් ගෙන රටත් ජනතාවත් පිළිබඳව සිතා කටයුතු කරන්න කියලා අපි ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ කොරෝනා ව්‍යසනයෙන් ජනතාව බේරා ගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දැක්වීමට එකතු වෙන්නෙ කියලත් අපි ඒ අයගෙන් ඉල්ලා සිටිනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයට මුඛවාඩම් දාන්න පුලුවන් නම් ආණ්ඩුවේ සෞඛ්‍යට යහපත්.
රත්තරන් මාල ටික නම් ඒ දවස්වල මුදාගත්තා නේද? 69 ලක්ෂයේ පැතුම වූයේ ඔබ වැනි අය පාර්ලිමේන්තු යැවීමයි. ඔබ කට අරින වාරයක් පාසා ඔවුන් නම් ජය ඝෝෂා නගනු ඇත...
පාසල් දරුවො හැමෝටම ස්වයං රැකියාවක් විදිහට කෝච්චියේ ව්‍යාපාරයක් කරන්න පුරුදු කරා නම් හැම ළමයාටම ලොකුවෙලා ඇමති කෙනෙක් වෙන්න පුළුවන්... කෝටි 2.25ම ඇමතිලා එදාට සලකා බලයි... එතකොට රට ස්වයංපෝෂිත වේවි.
කයිවාරු ගහන්නේ නැතිව ඉන්න පුරෝහිත... ළඟදී අපි ඔහෙලව දාලා ඔලුබක්කෝ නටවනවා.
දවල් හීන දකිනවා...
සියලු අර්බුද අනාගත්තෙත් ඔයගොල්ලන්ම තමයි...
රත්තරන්ට මාව මතක් වෙලා තියෙන්නේ..
නැව් ගිල්වන කප්පිත්තා
මාලේ කඩන එක වැරදි බව මෙයා දැන් තමයි වටහා ගත්තේ .
තව නූගතෙක්
අපොයි මුන්නැහැල පාර්ලිමේන්තු යැව්වනේ ! මුන්නැහැලට කතිරෙ ගහපු අය අත පොළොවෙ ගහගන්න.
රටේ අර්බුධවලට හේතුවත් දේශපාලනයින් තමයි
රට දියුණු කරගෙන ඔනිවට වඩා මුදල් හම්බකරගනන පුලුවන්
සමහර ප්‍රකාශ වලට හිනා යන්නේ ඒ ප්‍රකාශය කරපු කෙනාව දැක්කාම
අපේ ආපන ශාලා අවුරුදු 2ක් වහලා .ආහාර අත්‍යාවශ්‍ය සේවාවක් නෙමෙයිද ?බයිලා වැඩක් නෑ රට අරින්න .කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් .මේක ජාත්‍යන්තර ජාවාරමක් .
රට මුදවාගැනීම කෙසේ වෙතත් රටම හූරගෙන කයි.දේශපාලුවෝ දන්නෙත් ඒකනේ.
මුහුද විනාශවෙලා මාළු වෙරළට ගොඩගහනකොටත් ධනාත්මකව ඔය වගේ කථා කිව්වා. ධනාත්මකව ඕන වැරදි දෙයක් හෝ බොරු හෝ කීමට රියදුරු ස්ථානයේ පටන් හොද පුහුණුවක් ලබා දීල තියෙන්නේ.
නැවේ වන්දි වලට මොකද වුණේ?
මාල කඩන නූගත් හොර මගඩියෙක් රට ගැන කතා කරයි .මොවුන්ව වලකට ඇදලා දාලා ලෝදියෙන් වල පිරවිය යුතුයි
මිනිස්සු පටි තදකරගෙන...කැපවීම කරල ආර්ථිකය යන්තන් දනි පනිගහල නැගිටිල එද්දි ආයෙත් අර මේ රට මෙතනට වට්ටපු දේශපාලකයන්ගෙයි ... නිළධාරී පැලැන්තියෙයි කොමිස් ගැහිල්ලයි....හොරා කෑමයි පටන් නොගත්තොත් තමා ඇමති තුමා පුදුමෙ...මොකද ඕනම දෙයක් නතර කරගන්න පුළුවන්... ඒත් ජන්මෙටත් වඩා පුරුද්ද ලොකුයි කියල කියනවනේ...
මේ අවස්ථාවේ අනවශ්‍ය විදිහට කරන්න බැරි දේවල් ගැන බොරු කියන්න එපා.
රටේ අර්බුද විසඳන්න කලින් අටේ පන්තියටවත් ගිහින් ඉගෙනගෙන ආවානම් හොඳයි
මෙතුමා හරි. මෙතුමාට ඒ දේ කල හැකියි. ඇමරිකාව, එංගලන්තය වැනි ධනවත් රට වලට මෙතුමා යැවිය යුතුයි.
ඇත්තද? සුනාමි ආපු වෙලාවෙදී තමුන්නාන්සේ කුඩා දරුවන්ගේ මාලත් ගත්තද? අපි හිතුවේ එහෙම කලේ කෝච්චියේදී කියලා.
මේ වාගේ අය පාර්ලිමේන්තු එවලා තමා මේ තත්වෙට පත් වෙලා තියෙන්නේ .හිතන්නේ කටෙන් විතරක් වැඩ කරන්න පුළුවන් කියලා
පිටරටක ට ගිහින් රත්තරන් මාල ටිකක් ගෙනාවනම් ව්දෙවිදේශ විනිමය ටිකක් උපය ගන්න තිබුනා.
රට මුදාගන්න තියෙන්නේ තක්කඩි අපතයින්ගෙන්...
ඔබතුමා නියම කළුතර පුත්‍රයා.. ඔබ වැනි නායකයින්ට මුලු රටම ණය ගත්තද? අපි මේ රට ගොඩගමු ඇමැතිතුමනි.., ඔබට එය පුළුවන් බව අපි දන්නවා. ජයෙන් ජයම වේවා...!!!
හා.. හා.. ඔක්කෝටම කලින් ඉස්කෝලේ ගිහින් එන්නකෝ.... ඊට පස්සේ බැරියැ ලොකු වැඩ...
දුම්රියෙන් ගිහිල්ලද රට ගොඩ දමන්නේ?
දැන් මාල තියෙන්නෙත් ගිරව් ගාව විතරයි... අනික් ඔක්කොම බැංකුවේ...
රට පස්සේ මුදා ගමු .ඊට කලින් ලොක් ඩවුන් කාලේ උගස් කල රත්තරන් මාල ටික බැංකුවෙන් මුදා ගන්නද බලන්න ඕනේ .සර්පයෙක්වත් දෂ්ට කලොත් ඔක්කොම කපෝති .