(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් මර්දන එන්නත ලබාගත හැකි මෙරට ජනගහනයෙන් සියයට දහයකට ආසන්න පිරිසක් එන්නත් කටුවලට ( සිරින්ජර) ඇති බිය නිසා එන්නත් ලබා ගැනීම මගහරින බව පෙනී ගොස් ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම මානසික තත්වය එන්නත් කටු බිය (NEEDLE PHOBIA) ලෙස හැඳින්වෙන බවද හෙතෙම සඳහන් කළේය.
මේ පිරිස් එන්නත් ලබාගැනීමේදී අධික වේදනාකාරී තත්වයක් ඇතිවේ යැයි අස්ථාන බියකින් පසුවන බවත් එන්නතක් ලබා ගැනීම කිසිසේත්ම වේදනාකාරී අත්දැකීමක් නොවන බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.
එන්නතක් ලබා ගැනීමේදී ඇතිවන වේදනාව මදුරුවකු කනවා හා සමාන යැයිද දීපාල් පෙරේරා මහතා කිවේය.
එන්නත් කටුවලට බියවී එන්නත ලබා ගැනීම මගහරින පිරිස් අතර වයස 60 ට වැඩි කොරෝනා අධි අවදානම් අයද සිටින බව ඔහු පැවසුවේය.
මුළු ලෝකයේම එන්නත් කටුවලට බිය සියයට දහයක් පමණ සිටින බව වෛද්‍ය පර්යේෂණ වාර්තා විශ්ලේෂණයේදී පෙනී යන්නේ යැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා කොවිඩ්වලින් මරණයට පත්වීම වැළැක්වීමට ඇති එකම විසඳුම එන්නත්කරණය හෙයින් නොපමාව එන්නත ලබා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා හැදිලා විඳවන්න වුණාම තමා තේරෙන්නේ... බය වෙන්න ඕනේ අපිට කටුව ගහන්න බලාගෙන ඉන්න දූෂිත දේශපාලුවන්ගෙන් මිස එන්නත් කටුවට නෙවෙයි...
මමත් එන්නත් කටු වලට බය කෙනෙක්. නමුත් මම ලේත් දන් දෙනවා. එහෙම කරන්නේ මෙන්න මේ ක්‍රීම් එක ගාගෙන. Emla 5%.ඒක එන්නත් කරන තැන ගාලා පැය බාගයක් විතර ගියාම එතන වෙන මුකුත් දැනෙන්නේ නෑ. මම ඕක ගාගෙන ගිහින් අහක බලාගෙන ඉන්නවා. ඒ අය ඉවරයි කිව්වම තමා මම ඉවරයි කියලා දන්නෙත්. ඔය ක්‍රිම් එක ටිකක් ගණන්. ඒත් කොරොනාවලට වඩා ඉතාම හොඳයි. තව නම්බින් ක්‍රිම් ඇති. මම දන්නේ ඕක. emla 5%
වැක්සින් ප්‍රවර්ධනය නවත්වලා රට අරින්න .කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් .මේක ජාත්‍යන්තර ජාවාරමක් .
විකාර දොඩවනවා මිනිස්සු පෝලිම්වල පොරගනවා එන්නත් ලබාගන්න.