
(සුජිත් හේවාජුලිගේ)
සයිනොපාම් එන්නත ලබා ගත් පුද්ගලයන්ගේ ශරීරයේ කොරෝනා වයිරසයට එරෙහිව සටන් වැදීමේ ශක්තිය අඛණ්ඩව දක්නට ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය කළ පරීක්ෂණයකින් තොරතුරු අනාවරණයවී ඇත.
සයිනොපාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගෙන සති 12 ක් ගිය පසුවද ශරීරයන්හි ටී සෛල කොරෝනා වයිරසය ආගන්තුක දේහයක් ලෙස සලකා සාර්ථක ලෙස ප්‍රතිචාර දක්වා තිබූ බවද එම පරීක්ෂණය මගින් හෙළිදරව්වී ඇත.
මේ පරීක්ෂණය සම්බන්ධයෙන් අදහස් පළ කරන එම අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ සියලුම වයස් කාණ්ඩවලට එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිය කල්යත්ම අඩුවීමක් දක්නට ලැබෙන බවයි.
වයිරසයට එරෙහිව ප්‍රතිදේහ ජනනය වීම විශේෂයෙන්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ගේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබෙන බවද එම පරීක්ෂණය මගින් තහවුරුවී ඇත.
කෙසේ වෙතත් ප්‍රතිශක්තිය දුර්වලවීම හමුවේ රෝහල් ගත කිරීම සහ රෝගය බරපතළ තත්වයට පත්වීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව එම පර්යේෂණ කණ්ඩායමේ අදහසවී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය සයිනොපාම් එන්නත මගින් ප්‍රතිදේහ ජනනයවීම සහ එම එන්නත ගත් පුද්ගලයන්ගේ ශරීරයන්හි ටී සෛල කොරෝනා වයිරසයට එරෙහිව දක්වන ප්‍රතිචාර පිළිබඳව මෙම පරීක්ෂණය මගින් සොයා බැලිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයිරස් එක හැදුව කට්ටියම තමා බෙහෙත් දන්නේ
මුලින්ම පොදු ප්‍රවාහන සේවා, රජයේ කාර්යාල වල සේවා ලබාගන්න එන වයස 50ට වැඩි පුද්ගලයන්ට දෙසැම්බර් මාසේ සිට එන්නත්කරණය අනිවාර්ය කරන්න.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත් චීන සමාගමකට පවරලා වත්ද?
එකම විශ්ව විද්‍යාලයෙන් නැවත නැවත විකාශනයක් !
මේ විදියට වරින් වර ප්‍රකාශ දුන්නත් මේ එන්නත ගත් අයටත් රෝගය වැලදුණා. ෆයිසර් බූස්ටර් එන්නත අවශ්‍ය නැහැ කියන්න කරන උත්සහයක්ද අපි දන්නෙ නැහැ. හැබැයි හරි විදියෙ එන්නත් ගහල සියල්ලෝ නගා සිටවා ගත්තොත් මිස ෆයිසර් දෙන්න ලෝභකම් කරන්න ගිහින් කොරෝනා අපිට නැගිටින්න බැරි තරම් පහර දෙන්න ඉඩ තියනවා.
ඕක අර WHO එකේ ඉන්න අයට කියන්න