(යොහාන් භාසුර)

අභියාචනාධිකරණය ලබාදුන් නිර්දේශ අනුව නව සංයුතිය සඳහන් කළ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (22) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

අධිකරණ නියෝග මත සංයුතිය සිලින්ඩරයේ සඳහන් කළ ගෑස් සිලින්ඩර ඊයේ (21) රාත්‍රී නිකුත් කළ බවත් එහි ‘ප්‍රොපේන්’ මට්ටම උපරිම සියයට 30 ක පවතින බව සඳහන් කර ඇති බවත් එම නිලධාරියා කීය.

ලිට්‍රෝ සමාගම සාමාන්‍යයෙන් දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්‍ෂයක් පමණ නිකුත් කරන බව කී එම නිලධාරියා මේ අවස්ථාවේදී දිනකට එම ප්‍රමාණය නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව ද සඳහන් කළේය.

එම නිලධාරියා සඳහා කළේ ගෑස් සිලින්ඩයේ අදාල සංයුතිය පිළිබඳ සටහන තීන්තවලින් මුද්‍රණය කර ඇති බවත් කඩදාසියේ මුද්‍රණය කර ඇලවීමේදී එය ගැලවී යෑමෙන් ප්‍රශ්න ඇති වීමේ ඉඩක් ඇති බවත්ය.

ගෑස් තොග ලැබෙන ප්‍රමාණය අඩුව සැපයුම වැඩි කිරීමට පියවර ගන්නා බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.