
(අංජුල මහික වීරරත්න )
ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දඹුල්ල ජන රැළියේදී පෙරේදා පැවසීය.
නැවත කිසි දිනක ගොවීන්ගේ බව භෝග තුට්ටු දෙකට විකුණන්න ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා මෙහිදී කීය.
ලෝකයේ නිරන්තරයෙන් සිදු වන ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දීමට හැකි රාජ්‍යයක් බවට ලංකාව පත් කරන බවද ජනාධිපති පැවසීය.පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනරැළිය පැවැත්විණි.

COMMENTS
සමහරුන් ඇදබාන බේගල් මේ ආත්මෙදීවත් නතර කරන්නේ නැහැ...
ඒ නඩුවත් දැම්මේ රනිල්ගේ කාලේ, අනුන්ගේ පහනින් එලිය බලා කටමැත දොඩවන්න නම් මෙතුමන් හරි හපනා...!
ජනාධිපති වුණත් ගමේ ළිඳ ළඟ කතා කියන එක නතර කරගන්න බෑනේ...?
අධිකරණය නඩු ඇහුවාට දඬුවම් දෙන්නේ කයියනායක... අම්මපා අපට මේ අය කලින් හම්බෙන්නනේ තිබුණේ....
ඉල්ලන් කන්න යන්නේ... මුළු රටම දන්නවා මෙයාලා කාටද බයවෙලා ඉන්නේ කියලා... දැන් ජනතාව බියවද්දලා ඡන්ද ගන්න සූදානමින් ඉන්නේ....
එයාලාට දඬුවම් කරන්න අනුරටත් ඊළඟ ආත්මේත් ඉපදෙන්න වෙයි.
දඹුල්ලෙන් කස්ටිය හොයා ගන්න අපහසුයි ද? කුරුණෑගල පැත්තෙන් සෙනඟ ඇද්දේ.
මොන පිස්සුද රට හොඳටම හොඳයි.
මේ බුරම්පියා කෝමද කියන්නෙ දෙන දඩුවම් ගැන . මේ යකා නීතිය අතට අරගෙන වගේ
අර කන්ටේනර් 300 ගාණක් පන්නපු අයට දඬුවම් කරන්නේ නැද්ද?
ඇත්ත .ඒගොල්ලෝ ආත්ම ගණනාවක් ඇතිවෙන්න දූෂණ සහ වංචා කරලා
කයියනායක කියන්නේ නිකන්ද