
(යොහාන් භාසුර)
සම සෞඛ්‍ය උපාධිධාරින් වහාම රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස බලකරමින් සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ එකමුතුව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද (22) පස්වරුවේ විරෝධතාවක් පැවැත්විය.
නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ සමසෞඛ්‍ය උපාධිධාරින් සීමා කරමින් පෞද්ගලික ආයතන වලින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ විභාග කුමන්ත්‍රණය වහා හකුලා ගතයුතු බවට එහිදී විරෝධාකරුවෝ පැවසූහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔතැන ඉන්න රස්තියාදුකාර සිවුරු දරන්නත් සම සෞඛ්‍ය උපාධි කාරයෙක්ද? මොවුන්ට නම් ගහලාම එළවන්න ඕනෑ...!
හොර චීවරධාරියෙක් කොහොමද සම සෞඛ්‍ය පීඨ කතාවට කඩේ යන්නේ. පස්ස පැත්තට පයින් ගහල පන්නල දාන්න. අනික නොමිලේ ඉගෙන ගත්තා නම් රාජ්‍ය සේවයටම ගන්න ඕනෑ කියලා නීතියක් තියෙනවාද? පෞද්ගලික අංශයට බැඳිලා වැඩක් කරපල්ලා.
කාලෙකට ඉස්සර තිබුණා හමුදා පුහුණුවක් ගන්න කියලා. ඒ වගේම උසස් පෙළ සමත්වෙලා විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමේදී අනිවාර්යයෙන් රජයේ රැකියා බලාපොරොත්තු නොවන බවට දිවුරුම් ප්‍රකාශයක් අත්සන් කර ඉදිරිපත් කරන්න නියම කළ යුතුයි. උපාධිය සම්පූර්ණ වුණත් ඇතිවෙන පුරප්පාඩු සඳහා ජ්‍යේෂ්ඨත්වය මත බඳවා ගැනීම් කරන්න ඕනෑ. ඒ වගේම ඒ ඒ පාඨමාලා හදාරා නොමැති පිරිස් අනුන් වෙනුවෙන් උද්ඝෝෂණය කළොත් අදාල සේවාවන්ට නොගන්නවා නම් ඉතාමත් හොඳයි.. උදාහරණයක් හැටියට මෙතැන උද්ඝෝෂණ කරන චීවරධාරියා සසුනට හානි කරන පිස්සුවෙන් දඟලන කෙනෙක් කියන්න පුළුවන්... අපේ ගමේ කෙනෙක් නම් එයාට ගමට අඩියක් තියන්න දෙන්නේ නැහැ...