(අංජුල මහික වීරරත්න)

ලෝක සාම පාගමනයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවරදී අද(24)එක්වූවාය.

සාම පා ගමනේ තුන්වෙනි දිනය වූ අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් පාගමන යළි ආරම්භ කෙරුණු අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය ඊට සහභාගී වූවාය.

අග්‍රාමාත්‍යවරිය එහිදී පඤ්ඤාකර හිමියන් ඇතුළු මහා සංඝරත්නය සමග සුහද කතාබහක නිරත විය.

පාගමන අද මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරයෙන් අවසන් වීමට නියමිතය.