(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව සෝමාවතිය පුදබිමට පිවිසෙන මාර්ගය අද (27) උදෑසන සිට බස් රථ, ලොරි ඇතුළු බර වාහන ධාවනයට පමණක් විවෘත කළ බව පුලස්තිපුර පොලීසිය කියයි.
එම මාර්ගයේ සුංගාවිල පෙරියආරු පාලමේ සිට ඉදිරියට ස්ථාන ගණනාවක් අඩි දෙකක් පමණ දැනටත් ජලයෙන් යටවී පැවැතීම නිසා එහි සැහැල්ලූ වාහන ධාවනය තවදුරටත් අත්හිටුවා තිබෙන බවද පොලීසිය පවසයි.
මේවනවිට සෝමාතිය පුදබිමේ ගංවතුර මුළුමනින්ම බැස ගොස් තිබෙන බව එහි වැඩවසන හිමිවරු පැවැසූහ.
එමනිසා ගංවතුරට යටවූ සංඝාවාස ඇතුළු ගොඩනැගිලි පිරිසිදු කිරීමේ කටයුතු මේ දිනවල සිදුකරන බවද උන්වහන්සේලා කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපන ගස් කොට අදින්නද දන්නෑ..