(ඩබ්.ඒ පියතිලක)
පවතින වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය මත සෝමාවතිය පුද බිම අඩි තුනක් පමණ ජලයෙන් යට වී ඇති බව සෝමාවතිය රාජමහා විහාරාධිපති පහමුණේ සුමංගල නාහිමි පැවැසූහ.
සෝමාවතිය රාජමහා විහාරාධිපති පහමුණේ සුමංගල නාහිමි මහනුවර සිට පැමිණ ගංවතුරට කොටු වී සෝමාවතිය පුද බිමේ සිටින ස්වාමින් වහන්සේලා සහ සේවකයින් සඳහා අවශ්‍ය ආහාර පාන බෝට්ටු මගින් රැගෙන යෑමට කටයුතු කළහ.
සෝමාවතිය පුදබිමට යන මාර්ගයේ කිලෝ මීටර් තුනක පමණ දුරක් අඩි හයක පමණ ප්‍රමාණයක් සම්පුර්ණයෙන්ම ජලයෙන් යටව පවති.
පුදබිම වෙත ආහාර පාන සහ සියලු ගමන් බිමන් යුද හමුදාව , පුලස්තිපුර පොලිසිය සහ ප්‍රදේශිය ලේකම් කාර්යාලය විසින් සිදු කරනු ලබයි.
වෙනදා මෙන්ම සෝමාවතිය චෛත්‍ය වෙත බුද්ධ පුජාව ඇතුළු සියලුම පුද සත්කාර නොකඩවා සිදු කරන බවත් පවතින ගංවතුර තත්ත්වය දින කිපයකින් පහව ගිය පසු නැවැත බැතිමැතුන් වෙනුවෙන් සෝමාවතිය චෛත්‍ය වැද පුදා ගැනීමට විවෘත කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව ජනාධිපති කෙනෙක් ආවා විතරයි මොකද රටට මේ තරම් විපත්?
අපේ රටේ වාසනාවට කවදාවත් නැතිව එකවර මුළු ලංකාවටම වැස්සා. පසුගිය අවුරුදු 4ක තිබුණු විෂබීජ ඔක්කොම හේදිලා ගියා...
එක එක අයගේ කතා. වහින්නේ රටේ කාලගුණයේ බලපෑම නිසයි. ඒකට දේශපාලනය හෝ වාසනාව අදාළ වෙන්නේ නැහැ. හැබැයි ලංකාවට කල් වැසි වහින්නේ නැහැ කාලෙක ඉඳලා...
කරදරයක්, ආපදාවක් වගේ පෙනුණට මේ වැස්ස අවශ්‍යයි. ඊළඟ වසරේ මේ කාලය දක්වාම ගොවිබිම් අස්වැද්දීමට අවශ්‍ය වැව් අමුණු, ගංගා වලට අවශ්‍ය ජලය සහ භූගත ජලය ලැබෙන්නේ මේ වර්ෂාව නිසා. වර්ෂ අවසානයේ ලැබෙන ඊසාන දිග මෝසම් වැස්සෙන් මේ ප්‍රදේශවල ඇතිවන ගංවතුර සාමාන්‍ය තත්වයක්...
අපේ හිත්වලට දේශපාලනය යාවී ඇති ආකාරය ඉහල අදහස් වලින් මොනවට පැහැදිලි වෙයි.
මේ වෙන ආපදාවන්ට තාවකාලික පැලැස්තර නැතුව දිගුකාලින සැලසුම් නැතිද? ස්වභාවධර්මයා විසින් දෙන දේ වැළකිය නොහැකිය. නමුත් පෙර සූදානමක් තියෙනවා නම් මෙව්වා අවම කරගන්න බැරිද? මොකද මේ පුදබිම දන්නා කියන කාලේ ඉඳලා වැස්සක් වැස්සොත් යටවෙන බව දන්නවනේ...
හපොයි දෙයියනේ. මෛත්‍රී ජනාධිපති කාලේ වගේමයි. හැමදාම මරණ. ස්වභාවික විපත්. දැන් ඒ මදිවට පූජා නගරත් ජලයෙන් යටවෙනවා. ලංකාවට බලපාල තියෙන මේ තත්වය කවදා නැතිවෙයිද දන්නේ නැහැ.
මේ වෙන ආපදාවන්ට තාවකාලික පැලැස්තර නැතුව දිගුකාලින සැලසුම් නැතිද? තියෙනවා ජාල මුලාශ්‍රය කඳුකරයේ රට මැද සමතලා කර මුහුද ගොඩ කිරීම තමා විසඳුම.. පාර්ලිමේන්තුවේ උගතුන් කියන්නේ, රත්නපුරයෙන් උඩරටට සීමිත දුරකින් මහා ජල කන්දක් පහළට වැටෙනවා. එතැන් සිට පහත්බිම් හරහා මුහුදට ගලාබසිනවා. සීමිත බෑවුමකින් දිග දුරකින් ඉතින් ඔක්කොම යටවෙනවා.