
(නිමල් ජයරත්න)
සෝමාවතිය ජාතික වනෝද්‍යානයට ඇතුලු වී මසුන් ඇල්ලූ බව කියන පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි පහලොස් දෙනෙකු අද සවස 6 ට පමණ අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජිවි වැටලිම් ඒකකය පවසයි.
පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.කීර්ති චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් මත පොලොන්නරුව,සෝමාවතිය ,මනම්පිටිය යන වනජීවී කාර්යාලවල නිලධාරින් මෙම වැටලීම සිදුකර ඇත.
ඒ සදහා අරලගංවිල විශේෂ කාර්‍ය බලකායේ සහයද හිමි වු බව වැටලිමට එක්වු වනජීවි නිලධාරිහු පැවසුහ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් ඇප මත නිදහස් කර ඇති අතර ඉදිරි දිනකදි අධිකරණ ක්‍රියා මාර්ග සදහා යොමු කිරිමට නියමිත බව පොලොන්නරුව වනජිවි අඩවි සහකාර එස්.ඒ.වික්‍රමරත්න මහතා කිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 10කට ඇතුලට දාන්න.
පවු එයාට රස්සාව නැති වුන නිසා ජීවත් වෙන්න විදියක් නැතිව ඇති. මාලු අල්ලගෙන හරි ජීවත්වීමට ඉඩ දෙන්න.
පොහොට්ටුවෙ අය නම් අල්ලපු අයට දෙවි පිහිටයි, අනිත් පැත්තෙ අය නම් ඒ අයට සම්මාන, අනේ ශ්‍රි ලංකාවට ගියකල.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නේද?