
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පවුල් ආරවුලක් බිරිඳගේ සිරුරට පෙට්රල් වත්කර ගිනි තබා ඝාතනය කළේ යැයි කියන සැමියාද පිලිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි.
සිරුර ගිනි තැබීම නිසා බරපතල පිළිස්සුම් තුවාල සහිතව දින හතක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තනූජා නිලන්ති නැමැති 44 හැවිරිදි කාන්තාව මියගිය බව වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව කුලී වැඩ කර ජීවිකාව ගෙනගිය තැනැත්තියකි.
පවුල් ආරවුලක් මත ඇති වූ බව කියන බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසු සැකකාර සැමියා නිවසේ දී ඇයගේ සිරුරට පෙට්රල් වත්කර ගිනි තැබීමට ගිය අවස්ථාවේ ඔහු ද පිලිස්සුම් තුවාල ලබා තිබිණි යැයි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd