(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ සොයිසා රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට ඇගේ සැමිය පිහියකින් කපා බරපතළ බරපතල තුවාළ සිදු කර ඇතැයි ගම්පහ නුංගමුව පොලිසිය කියයි.
බරපතළ තුවාල ලැබූ වෛද්‍යවරිය රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලීසිය සඳහන් කරයි.
වෛද්‍යවරිය පිහියකින් කපා තුවාල සිදුකළ බව කියන ඇයගේ සැමියා මෙවර පළාත් පාලන මැතිවරණයට සමගි ජන බල වේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය සභාවකට තරග කරන අපේක්ෂකයකු බවද ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම වෛද්‍යවරියගේ පිට ප්‍රදේශයේ සහ අතක කැපුම් තුවාල පෙනෙන්නට ඇතැයි ද පොලිසිය පොලීසිය කියයි.
වෛද්‍යවරියගේ ජංගම දුරකථනයේ ඇතුලත්ව තිබූ බව කියන දුරකථන අංකයක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පසු සැමියා මෙවැන්නක් කර ඇති බවට තොරතුරු හෙලිවී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි මාලිමාවෙ කිවුවෙ නැතිඑක.
දොස්තර නෝනා බට්ටෝ පෙන්නලා අහුවෙලාද කොහෙද
පේනවනේ රට හදන්න යන එවුන්ගේ හැටි!
ප්‍රාදේශීය සභාවක අපේක්ෂකයෙක් වෙනවා නම් ඌ ගැන මොනවා කියන්නද පිස්සෙක් වෙන්නම ඕන
නොගැලපෙන එවුන් බැදගන්න එපා කියල ගෑනු පිරිමි දෙගොල්ලොම දත යුතුය. වෘත්තියක නිරත වන අය ඒකට ගැලපෙන අයෙක්ම විවාහ වීම අත්‍යවශ්‍ය සාධකයක්.
ළදරු වයසේ ඇතිවූ ආදරයක් මත විවාහ වෙන්න ඇති ඒත් දෙදෙනා අතර ඇති අධ්‍යාපන නොගැලපීම මෙම තත්වයට හේතුවක් වෙන්න පුළුවන් නැත්නම් සැමියාගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා දුර්වලව පිහිටා තියෙනවා වෙන්න පුළුවන්
සැකය විනාශයට මුල පුරයි.
දේශපාලන සුදුසුකමක් ලැබිලා තියෙන බව නම් පේනවා..