
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර් සම්පන්දන් මහතා අභාප්‍රාප්ත වීමෙන් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
ඔහුගේ අභාවය පිළිබඳව සභාවේ කණගාටුව පවුලේ සාමාජිකයන්ට දැනුම් දෙන බවද කතානායකවරයා කීවේය.
මේ පිළිබඳ ශෝක යෝජනාව ඉදිරි දිනක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද කථානායකවරයා කීවේය.
සම්බන්ධයෙන් මහතාට ගෞරව දැක්වීමක් ලෙස ඔහුගේ දේහය අනිද්දා (4) පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල උත්සව ශාලාවේ පස්වරු 2.00 සිට පස්වරු 4.00 දක්වා තැන්පත් කර තැබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd