IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී අලුත් ගමනක් යමු

 

(අංජුල මහික වීරරත්න)

සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී රට පිළිබඳ අලුතින් සිතා අලුත් මාවතක යන පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පරිවර්තනය කර ගනිමු යැයි එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

2048 ශ්‍රී ලංකාවේ දියුණුවේ වසර බව අවධාරණය කළ ජනාධිපතිවරයා එම ගමනේදී සියලු දේශපාලන පක්ෂ මෙන්ම ජනතාව ද එකමුතුව අත්වැල් බැඳගනු ඇතැයි කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (01) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුම් උළෙල විද්‍යුත් තාක්ෂණය ඔස්සේ අමතමිනි. 
එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරු උළෙල දහස් සංඛ්‍යාත ජනකායකගේ සහභාගිත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ  ක්‍රීඩාංගනයේදී පැවැත්විණි‍.

උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් පිරිස් මැයි දින උළෙලට සහභාගී වී සිටියහ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන්  විජයවර්ධන මහතා ඇතුළු එජාප නායකයන් දින සැමරුමට  සහභාගී වීමත් සමග ජාතික ගීය ගායනා කොට එජාප ජාත්‍යන්තර  කම්කරු දින සැමරුම ආරම්භ කෙරිණි.

අනතුරුව  රටට නිදහස ලබාගැනීමේ සිට එක්සත් ජාතික පක්ෂයේ  පෞඩත්වය විදහා දැක්වෙන වීඩියෝ පටයක් විකාශය කෙරිණි.

අනතුරුව එක්සත් ජාතික  පක්ෂයේ අනාගත සැලසුම් එලිදක්වමින් "2048 ජයගමු"වීඩියෝ පටය ප්‍රදර්ශනය කෙරිණි.

විවිධ වෘත්තීය සංගම් සහ දේශපාලන සංවිධානය 68ක නියෝජිතයෝ ද මෙම කම්කරු දින උළෙල සඳහා සහභාගී වූහ.

සාම්ප්‍රදායික බෙර වාදන නර්තනාංග සහ ගායනාංග වලින් ද  කම්කරු දින උළෙල අලංකාර විය.



අදහස් (6)

සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී අලුත් ගමනක් යමු

නිමේෂ් Monday, 01 May 2023 02:06 PM

අවුරදු 45 පමණ කාලයක් විවිද බොරු මැතිවරණ පොරොන්දු දෙමින් විවිද ආණ්ඩු කරමින් පාර්ලිමේන්තුව නිවහන කරගත්ත පුද්ගලයෙක් , වර්තමාන රටේ ආර්ථිකය කඩාවැටීමට ඍජුවම වගකිවයුතු දේශපාලන නායකයෙක් , තවත් ලැජ්ජාවක් නැතිව දැන් නෙමෙයි තව අවුරදු 25 කින් තමයි රට දියුණු කරන්නේ කියල " බෝඩ් එකක් " හදාගෙන මිනිහගේ ඡන්ද දයකයින්ව එළුවෝ වගේ දක්කමින් රැළියක් යන එක පිට රටවල මිනිස්සු දැක්කොත් ලංකව ගැන , ලංකාවේ මිනිසුන්ගේ බුද්දිය ගැන මොනව හිතයිද ?

:       6       12

සත්ත්‍යා Monday, 01 May 2023 02:34 PM

බැංකුවේ හොරකමට අපිව එක්කගෙන ගියේ නැහැනේ . . !

:       5       10

රනිල් වික්‍රමසිංහ.Monday, 01 May 2023 07:00 PM

එහෙම කොහොමද ? ඒවා අපි රහසිගතවනේ කලේ.කට්ටිය වැඩිපුර එකතුකරගත්තොත් වැඩේ අප්සට් වෙනවා.එහෙම කරලත් වැඩේ අප්සට්වුනා.නමුත් සල්ලි ටික පැන්නුවා.මීළඟ බැංකු කොල්ලය දෙද්දී ඔයාටත් කියන්නම්.හැබැයි එක අපි දෙන්නා අතරේ පමණයි.

:       1       2

ගමේ එකාලා Monday, 01 May 2023 03:35 PM

2048 වෙනකම් ඉන්ඩ හිතාගෙන ,.ඇති .ආසියාවේ ආශ්චර්යයි , සවුබාග්‍යයේ දැක්මයි පෙන්වනවා කියලා බලලෝබි දූෂිත දේසපාලුවෝ ජනතාව ගොනාට අන්දවපු හැට් අපිට අමතක නැහැ.

:       5       11

fernando Monday, 01 May 2023 04:52 PM

කරන්න පුළුවන් ඔක්කොම ජරා වැඩකරලා, මිනි මරලා, මහා බැංකුව හොරාකාලා , අන්තිමට චන්දයෙන් මුළු පක්ෂයම පරාජයවෙලා, ගෙදරට වෙලා හන්චිපයිස් ගහගෙන හිටපු මේ නාකියා මහින්ද රාජපක්ෂ කියන පල් හොරාගේ කොන්ත්‍රාත් එකක් අරගෙන , ජනතාවගේ චන්දයෙන් තොරව, රට කාපු හොරු 134 කගේ චන්දයෙන් ජනාධිපති පුටුවට පැනලා මහා විකාරයක් කරනවා. හැබැයි මිනිහත් මිනිහාගේ මාමා වගේම පට්ට බයගුල්ලෙක්.මිනිහා මොකද කලේ පාක්ෂිකයින්ට රැලියට එන්න කියලා මිනිහා ගෙදර හැංගිලා සූම් තාක්ෂණයෙන් වීඩියෝ එකකින් ජනතාව අමතනවා. බයගුල්ලා , ප්‍රේමදාසට වුනදේ මතක්වෙලා වගේ.හැබැයි ප්‍රේමදාස කියන ඒකාධිපතියා මලේ මොහොතකින් ,තත්පර ගණනකින් කුඩුවුනා. වේදනාවක් නැහැ.නමුත් තමුසෙගෙ අවසානය සිදුවන්නේ පැය ගණනක් මිනිසුන්ගෙන් ගුටිකාලා දුක්විඳලා පන ඇදලා මහා පාරේදී.හැමදාම හැංගිලා ඉන්න බැහැ රනිලෝ.

:       5       12

පොලිෂියේ ඉස්බෑටර් මහත්තයා Monday, 01 May 2023 05:01 PM

පිස්සන් කොටුවෙන් පැනලා ඇවිත් තමන් රටේ ජනාධිපති කියලා හිතාගෙන සූම් වීඩියෝ එක ඔස්සේ ජාතිය අමතන මොලේ අමාරුකාරයෙක්. මිනීමැරුම්, බැංකු මංකොල්ල ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ මහමොලකරුවන මොහු සිටින තැනක් දන්නා කෙනෙක් සිටී නම් ..ඔබගේ අසල්වාසීන් සමග එක්වී මොහුව අල්ලා ගැටගසා පිස්සන් කොටුවට භාර දෙන්න .

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 213 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 725 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1142 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site