
(අංජුල මහික වීරරත්න)
සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී රට පිළිබඳ අලුතින් සිතා අලුත් මාවතක යන පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පරිවර්තනය කර ගනිමු යැයි එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේය.
2048 ශ්‍රී ලංකාවේ දියුණුවේ වසර බව අවධාරණය කළ ජනාධිපතිවරයා එම ගමනේදී සියලු දේශපාලන පක්ෂ මෙන්ම ජනතාව ද එකමුතුව අත්වැල් බැඳගනු ඇතැයි කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (01) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුම් උළෙල විද්‍යුත් තාක්ෂණය ඔස්සේ අමතමිනි.
එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරු උළෙල දහස් සංඛ්‍යාත ජනකායකගේ සහභාගිත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් පිරිස් මැයි දින උළෙලට සහභාගී වී සිටියහ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු එජාප නායකයන් දින සැමරුමට සහභාගී වීමත් සමග ජාතික ගීය ගායනා කොට එජාප ජාත්‍යන්තර කම්කරු දින සැමරුම ආරම්භ කෙරිණි.
අනතුරුව රටට නිදහස ලබාගැනීමේ සිට එක්සත් ජාතික පක්ෂයේ පෞඩත්වය විදහා දැක්වෙන වීඩියෝ පටයක් විකාශය කෙරිණි.
අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ අනාගත සැලසුම් එලිදක්වමින් "2048 ජයගමු"වීඩියෝ පටය ප්‍රදර්ශනය කෙරිණි.
විවිධ වෘත්තීය සංගම් සහ දේශපාලන සංවිධානය 68ක නියෝජිතයෝ ද මෙම කම්කරු දින උළෙල සඳහා සහභාගී වූහ.
සාම්ප්‍රදායික බෙර වාදන නර්තනාංග සහ ගායනාංග වලින් ද කම්කරු දින උළෙල අලංකාර විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරදු 45 පමණ කාලයක් විවිද බොරු මැතිවරණ පොරොන්දු දෙමින් විවිද ආණ්ඩු කරමින් පාර්ලිමේන්තුව නිවහන කරගත්ත පුද්ගලයෙක් , වර්තමාන රටේ ආර්ථිකය කඩාවැටීමට ඍජුවම වගකිවයුතු දේශපාලන නායකයෙක් , තවත් ලැජ්ජාවක් නැතිව දැන් නෙමෙයි තව අවුරදු 25 කින් තමයි රට දියුණු කරන්නේ කියල " බෝඩ් එකක් " හදාගෙන මිනිහගේ ඡන්ද දයකයින්ව එළුවෝ වගේ දක්කමින් රැළියක් යන එක පිට රටවල මිනිස්සු දැක්කොත් ලංකව ගැන , ලංකාවේ මිනිසුන්ගේ බුද්දිය ගැන මොනව හිතයිද ?
බැංකුවේ හොරකමට අපිව එක්කගෙන ගියේ නැහැනේ . . !
2048 වෙනකම් ඉන්ඩ හිතාගෙන ,.ඇති .ආසියාවේ ආශ්චර්යයි , සවුබාග්‍යයේ දැක්මයි පෙන්වනවා කියලා බලලෝබි දූෂිත දේසපාලුවෝ ජනතාව ගොනාට අන්දවපු හැට් අපිට අමතක නැහැ.
කරන්න පුළුවන් ඔක්කොම ජරා වැඩකරලා, මිනි මරලා, මහා බැංකුව හොරාකාලා , අන්තිමට චන්දයෙන් මුළු පක්ෂයම පරාජයවෙලා, ගෙදරට වෙලා හන්චිපයිස් ගහගෙන හිටපු මේ නාකියා මහින්ද රාජපක්ෂ කියන පල් හොරාගේ කොන්ත්‍රාත් එකක් අරගෙන , ජනතාවගේ චන්දයෙන් තොරව, රට කාපු හොරු 134 කගේ චන්දයෙන් ජනාධිපති පුටුවට පැනලා මහා විකාරයක් කරනවා. හැබැයි මිනිහත් මිනිහාගේ මාමා වගේම පට්ට බයගුල්ලෙක්.මිනිහා මොකද කලේ පාක්ෂිකයින්ට රැලියට එන්න කියලා මිනිහා ගෙදර හැංගිලා සූම් තාක්ෂණයෙන් වීඩියෝ එකකින් ජනතාව අමතනවා. බයගුල්ලා , ප්‍රේමදාසට වුනදේ මතක්වෙලා වගේ.හැබැයි ප්‍රේමදාස කියන ඒකාධිපතියා මලේ මොහොතකින් ,තත්පර ගණනකින් කුඩුවුනා. වේදනාවක් නැහැ.නමුත් තමුසෙගෙ අවසානය සිදුවන්නේ පැය ගණනක් මිනිසුන්ගෙන් ගුටිකාලා දුක්විඳලා පන ඇදලා මහා පාරේදී.හැමදාම හැංගිලා ඉන්න බැහැ රනිලෝ.
පිස්සන් කොටුවෙන් පැනලා ඇවිත් තමන් රටේ ජනාධිපති කියලා හිතාගෙන සූම් වීඩියෝ එක ඔස්සේ ජාතිය අමතන මොලේ අමාරුකාරයෙක්. මිනීමැරුම්, බැංකු මංකොල්ල ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ මහමොලකරුවන මොහු සිටින තැනක් දන්නා කෙනෙක් සිටී නම් ..ඔබගේ අසල්වාසීන් සමග එක්වී මොහුව අල්ලා ගැටගසා පිස්සන් කොටුවට භාර දෙන්න .