(ප්‍රින්ස් රත්නායක)
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සමනළ වැවේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස පහත බැස තිබේ.
දැඩි නියඟය හා ඉහළ පෝෂක ප්‍රදේශයන්ට වර්ෂාව නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇත.
වලවේ ගඟ, හිරිකටුඔය, බෙලිහුල්ඔය, දෙනගම්ඔය, සුරතලීඇල්ල, බඹරකන්ද ඇල්ල, දියවිනි ඇල්ල, දූවිළී ඇල්ල ඇතුළු ප්‍රදේශයේ පවතින සියලුම ජල මූලාශ්‍රයන්වල ජල මට්ටම පහත බැස තිබේ.
සමනළ වැවේ දකුණු අන්තයේ වැවට යටවූ පන්සලේ චෛත්‍යය මෙම වසරේ තෙවෙනි වරටත් මතුව තිබෙනු දැකගත හැකි අතර වැවෙහි පරිමාණයෙන් විශාල ප්‍රමාණයක් හිස්ව තිබෙනු දැකිය හැකිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදුර්දින්ට පින්සිද්ද වෙන්න අද අපිට මේවා බලාගන්න වාසනාව ලැබුනා
මේ ලංකාවේ කරපු අසාර්ථකම ව්‍යාපෘතියක් මේකේ වතුර කාන්දුව අදටත් තියෙනවා ඒ කාන්දු වතුර වලින් තව කුඩා ජාල විදුලි බලාගාරයක් දුවන්න පුලුවන්.
ඉන්දියාවේ ප්‍රධාන නගර කිහිපයකම දැන් ජලය නැහැ. ලංකාවටත් ඔය ඉරණම අත්වෙන දිනය වැඩි ඈතක නැහැ.
වනාන්තර එලිපෙහෙලි කිරීමත් අධිවේගී මාර්ග.ක්‍රිකට්පිටි.ගුවන් තොටුපලවල්.වැනි සංවර්ධන ක්‍රියාවන්ද වනාන්තර හරහා මාර්ග ඉදිකිරීම් වැනි ක්‍රියා සිදුකරනවිට භූමිය විශාල වශයෙන් නිරාවරනය වෙනවා.එයින් වෘක්ෂලතා අහිමිවීම මත ජලවාෂ්ප නොමැතිවීම නිසා වැස්ස අහිමිවෙනවා.එනිසා දැන්වත් කොන්ක්‍රිට් වනාන්තර ඇතිකිරීමට අමතරව ගස් සිටුවීමේ වැඩ සටහන්ද නොපමාව ඇතිකල යුතුය.සංවර්ධන ව්‍යාපෘති සකස්කිරීමට සක්‍යතා අධ්‍යයන කරනවිට මේගැනත් අවධානය යොමුකර අධ්‍යයන කරන්නේනම් සුදුසුයි.
මේවාට දීර්ඝ කාලීනව විසඳුම් සෙවිය යුතුමයි...