IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සමනළ වැවේ ජල මට්ටම පහත බැස නටඹුන් මතුවෙයි

(ප්‍රින්ස් රත්නායක)

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සමනළ වැවේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස පහත බැස තිබේ.

දැඩි නියඟය හා  ඉහළ පෝෂක ප්‍රදේශයන්ට වර්ෂාව නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇත.

වලවේ ගඟ, හිරිකටුඔය, බෙලිහුල්ඔය, දෙනගම්ඔය, සුරතලීඇල්ල, බඹරකන්ද ඇල්ල, දියවිනි ඇල්ල, දූවිළී ඇල්ල ඇතුළු ප්‍රදේශයේ පවතින සියලුම ජල මූලාශ්‍රයන්වල ජල මට්ටම පහත බැස තිබේ.

සමනළ වැවේ දකුණු අන්තයේ වැවට යටවූ  පන්සලේ චෛත්‍යය මෙම වසරේ තෙවෙනි වරටත් මතුව තිබෙනු දැකගත හැකි අතර වැවෙහි පරිමාණයෙන්  විශාල ප්‍රමාණයක් හිස්ව තිබෙනු දැකිය හැකිය.

 



අදහස් (6)

සමනළ වැවේ ජල මට්ටම පහත බැස නටඹුන් මතුවෙයි

thushara Wednesday, 03 July 2019 05:24 AM

බදුර්දින්ට පින්සිද්ද වෙන්න අද අපිට මේවා බලාගන්න වාසනාව ලැබුනා

:       50       409

sampath Wednesday, 03 July 2019 08:07 AM

මේ ලංකාවේ කරපු අසාර්ථකම ව්‍යාපෘතියක් මේකේ වතුර කාන්දුව අදටත් තියෙනවා ඒ කාන්දු වතුර වලින් තව කුඩා ජාල විදුලි බලාගාරයක් දුවන්න පුලුවන්.

:       26       16

දිමුත් Wednesday, 03 July 2019 08:49 AM

ඉන්දියාවේ ප්‍රධාන නගර කිහිපයකම දැන් ජලය නැහැ. ලංකාවටත් ඔය ඉරණම අත්වෙන දිනය වැඩි ඈතක නැහැ.

:       1       41

AmalWednesday, 03 July 2019 02:55 PM

ඉන්දියාව වගේ නෙමේ... අපට මුකුත් වෙන්නේ නැහැ. වඩුමඩු තහනම්, කියත් තහනම්...

:       3       41

ලංකාපුත්‍ර Thursday, 04 July 2019 01:01 AM

වනාන්තර එලිපෙහෙලි කිරීමත් අධිවේගී මාර්ග.ක්‍රිකට්පිටි.ගුවන් තොටුපලවල්.වැනි සංවර්ධන ක්‍රියාවන්ද වනාන්තර හරහා මාර්ග ඉදිකිරීම් වැනි ක්‍රියා සිදුකරනවිට භූමිය විශාල වශයෙන් නිරාවරනය වෙනවා.එයින් වෘක්ෂලතා අහිමිවීම මත ජලවාෂ්ප නොමැතිවීම නිසා වැස්ස අහිමිවෙනවා.එනිසා දැන්වත් කොන්ක්‍රිට් වනාන්තර ඇතිකිරීමට අමතරව ගස් සිටුවීමේ වැඩ සටහන්ද නොපමාව ඇතිකල යුතුය.සංවර්ධන ව්‍යාපෘති සකස්කිරීමට සක්‍යතා අධ්‍යයන කරනවිට මේගැනත් අවධානය යොමුකර අධ්‍යයන කරන්නේනම් සුදුසුයි.

:       0       14

m.s Namarathna Thursday, 04 July 2019 03:52 AM

මේවාට දීර්ඝ කාලීනව විසඳුම් සෙවිය යුතුමයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site