
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී අද උදෑසන සිමෙන්ති පැටවූ ලොරි රථයක් හා ජීප් රථයක් ගැටී සිමෙන්ති ලොරිය ප්‍රධාන මාර්ගය හරහා පෙරලී යාම නිසා පැය ගණනක් එම මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වූ බව පොලිසිය කියයි.
ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ තට්ටු ලොරි රථයක් සහ දඹුල්ල දෙසින් හබරණ දෙසට ධාවනය කරමින් තිබූ ජීප් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇතැයි සීගිරිය පොලිසිය කියයි.
ප්‍රධාන මාර්ගයේ ඉදිරියෙන් ආ ජීප් රථයට ඉඩ ලබාදීම සඳහා උත්සාහ කරද්දී එක වැරම තම රථය පාලන යෙන් ගිලිහී ගොස් පෙරළී ගිය බව ලොරි රථයේ රියැදුරා පැවැසීය. .තමන්ට හෝ රිය සහායකයාට තුවාලයක් සිදු නොවූ බවද හෙතෙම සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකය පුරාම පට්ට ගහපු කාර් ,ලොරි ,බස් අපේ රටට ගෙනත් දාගෙන, මනුස්සයෙක් විදිහට පාරකවත් යන්න දන්නේ නැති කාලකන්නින්ට භාර දීපුවහම ,දිනපතාම අකරතැබ්බයක් විනාශයක්