
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.
එම ස්ථානයේ තිබි රුපියල් මිලියන 28ක පමණ වෙළඳපොළ වටිනාකමින් යුත් ව්‍යාජ ලෙස සකස් කරන ලද හිස කෙස් වර්ණක තොගයක් එම නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.
වෙළඳපොළට විකිණීමට යොමු කර තිබෙන ප්‍රසිද්ධ සන්නාම සහිත කල් ඉකුත් වූ හිස කෙස් වර්ණක හා පලුදු වූ හිසකෙස් වර්ණක පැකට් සිමෙන්ති කුඩු සමඟ යන්ත්‍රයකින් කලවම්කර ප්‍රසිද්ධ සන්නාම සහිත ඇසුරුම් උපයෝගී කරගෙන ව්‍යාජ ලෙස සකස් කරන ලද හිස කෙස් වර්ණක වෙළඳපොළට නිකුත් කිරීමට එම ජාවාරම්කරුවන් කටයුතු කර ඇති බව එම නිලධාරීන් කරන විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පාරිභෝගික කටයුතු අධිකාරිය පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
763
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2406
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිමෙන්ති කුඩු කලවම් කරලා හිස කෙස් වර්ණක හදලා
බකල ජයා Wednesday, 02 April 2025 10:54 PM
නිෂ්පාදනයේ නම දැම්මනං අපේ පරණ තාප්පෙ හිල් ටික වහගන්න පැකට් දෙක තුනක් ගන්න තිබුණා. පේන්ට් එකත් නොමිලෙම වදිනවා.
පිටරටවැසියා Wednesday, 02 April 2025 11:44 PM
නඩුදාන්න කලියෙන් ඔය ආලේපන ඔක්කොම හදපු ජාවාරම්කාර කට්ටියගෙ හිසකෙස්වල මාස 6ක් දිනපතා ආලේප කරවන්න ඕන. අවුලක් නැතිනම්, නඩු දාන්න ඕනත් නැහැනෙ?
පොඩිඑකා Thursday, 03 April 2025 01:21 AM
ඕවට යන එවුන්ට දෙන්න ඕන පුනක්කු කුඩු කවලම් කරපුවා!
Perera Thursday, 03 April 2025 05:11 AM
කපරාරු කුඩු කලවම් කරලා මුහුණු ආලේපනත් හදලාද කියලා බලන්න!
රුවන් Thursday, 03 April 2025 06:05 AM
යුරෝපයේ අය කොන්ඩේ කළු කරනවා අපේ අය පාට කරනවා රත්තරන් පාටට.
ජිල්බුThursday, 03 April 2025 01:02 PM
ඒ කියන්නේ යුරෝපෙ අය සිමෙන්ති වෙනුවට කලු කුඩුද ගන්නේ?
Rajun de Silva Thursday, 03 April 2025 02:24 PM
ගායිකාවක් අකාලයේ මියගියා නේද හිස කෙස් වර්ණක ගල්වලා දශක කීපයකට පෙර?