
(එම්.සුසිල් පියන්ත)
ප්‍රබල පාතාල ක්‍රියාකරුවකු බව කියන සමන් කොල්ලාගේ මත් කුඩු ජාවාරම මෙහෙයවූ පහලොස් හැවිරිදි පාසල් සිසුවකු රුපියල් ලක්ෂ පහක මත් කුඩු තොගයක් සමග අම්බලන්ගොඩ මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශයේදී සැකපිට අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
සැකකාර සිසුවා ළඟ තිබී සොයා ගත් ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී සමන් කොල්ලා සමග කළ සංවාද ඔහු මීට සමන් කොල්ලාගේ උපදෙස් පරිදි ඊෂි කෑෂ් කමයට මත්ද්‍රව්‍ය පැකැට් සැඟවූ ස්ථාන රැසක් සම්බන්ධ ගමන් මාර්ග(ලොකේෂන්)නිරීක්ෂණයවූ බවද පොලීසිය කියයි.
ලැබුණු නිර්ණාමික තොරතුරකට අනුව සැකකාර පාසල් සිසුවා පරීක්ෂා කිරීමේදී ඔහු ළඟ තිබී මත් කුඩු ග්‍රෑම් දහයයි මිලි ග්‍රෑම් 600 සොයා ගත් බවද පොලීසිය කියයි.
සැකකාර සිසුවා මේ මත් ද්‍රව්‍ය තොගය තමා සන්තකයේ තබාගෙන සිටියේ සමන් කොල්ලාගේ උපදෙස් පරිදි තමාගේ ජංගම දුරකතනයට එවන ලද ගමන් මාර්ගයට(ලොකේෂන්)ඊෂි කෑෂ් කමයට මත් කුඩු සැඟවීමට බවද පොලිසිය කියයි.
මේ සැකකාර සිසුවා අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසලක දහය වසරේ ඉගෙනුම ලබන සිසුවකු බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd