(අංජුල මහික වීරරත්න)
සෙමින් එහෙත් ස්ථාවරව ලංකාව ගොඩ නඟමින් මුහුණ දී තිබෙන අභියෝගවලින් රටත් ජනතාවත් මුදා ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාල දිවයිනේදී පැවසීය.
එළියේ ඇසෙන විශාල ඝෝෂා සියල්ල පරාජය, බලය පිළිබඳ අවිනිශ්චිතතා සහ දේශපාලන අසාර්ථකත්වයේ ප්‍රකාශ මිස යථාර්ථය නොවන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාලදිවයින් ජාතික විශ්වවිද්‍යාලයීය (MNU) ශ්‍රවණාගාරයේදී මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවකට එක් වෙමිනි.
මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම හමුවට එරට වෙසෙන ශ්‍රී ලාංකික වෘත්තිකයන්, විද්‍යාර්ථීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන පිරිස් එක්ව සිටියහ.
එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.
අපේ රට තුළ ඉතාමත් ශක්තිමත් නීතියක් ක්‍රියාත්මක වනු දැකීම ඔබේ අපේක්ෂාවක් වුණා. එදා අපේ රටේ නීතිය ක්‍රියාත්මක වුණේ කොහොමද? බලය විසින් නීතිය නවනු ලැබ තිබුණා.
නීතිය පාගා දමා තිබුණා. තමන් නීතියට වඩා ඉහළින් සිටිය යුතුයි කියා මතයක් පාලකයන්ට තිබුණා. එහෙත් අපි අද සතුටින් කියනවා, තරාතිරම නොබලා නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කර තිබෙනවා.
අපිට කිසිවෙක්ගෙන් පෞද්ගලිකව පළිගැනීමේ වුවමනාවක් නැහැ. හැබැයි, අපිට සද්-වුවමනාවක් තිබෙනවා. නීතියට පුරවැසියා යටත් විය යුතුයි කියලා. බලය, ධනය, තනතුරු තමන් නීතියට යටත්ද? නැද්ද? කියා තීරණය වන නිර්ණායකය නොවෙයි.
අපේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. නීතිය ඉදිරියේ සියලුදෙනා සමාන විය යුතුයි. ඒ වගේම නීතියට සෑමදෙනාම යටත්. නීතියට සෑමදෙනාම බිය විය යුතුයි. අපේ රටේ නීතියට බිය නැති යුගයක් තිබුණා. ක්‍රමානුකූලව පුරවැසියා නීතියට යටත් වන, නීතියට යම් බියක් දක් වන සමාජයක් බවට අපේ රට පරිවර්තනය කළ යුතුයි.
වංචාවේ යෙදීමට, අල්ලසක් ගැනීමට බිය විය යුතුයි.එහෙත්, මහා ධනයක් එක් රැස් කර ගැනීම නීතියට ඉහළින් සිටීමේ මෙවලමක් බවට පත්ව තිබුණා. රාජ්‍ය දේපළ, රාජ්‍ය මුදල් මහා පරිමාණ ලෙස නාස්ති කළ යුගයක් නිර්මාණය වී තිබුණා. සෑමදෙනාම නීතිය ඉදිරියේ සමාන වන රාජ්‍යයක් අපි ගොඩනඟනවා. අල්ලස් ගන්න නෙවෙයි, අල්ලසක් ගන්න හිතන්නවත් බිය වන රටක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා.
ඔබ දන්නවා, බන්ධනාගාරයේ ප්‍රධානියා අත්අඩංගුවට පත්ව සිටිනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහ රේගුවේ නිලධාරීන් අත්අඩංගුවට පත්ව සිටිනවා. ඒ වගේම පොලිස්පතිවරයා අත්අඩංගුවේ සිටිනවා. පොලිසියේ හිටපු විශාල පිරිසකගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ වගේම හිටපු නාවික හමුදාපතිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සියලුදෙනා නීතියට වඩා ඉහළින් සිටි අය සහ නීතිය තමන්ට අවශ්‍ය පරිදි හසුරවපු අය. අද අපි තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා. ජනතාව අපට ලබා දුන් ජනවරමේ තිබූ ප්‍රධාන අපේක්ෂාවක් වන නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම වෙනුවෙන් අපි එය සිදු කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටින් තමයි...!
ජනතා වාදී අදූෂිත නායකයා අපේ රට ගොඩදානවාට කිසිම සැකයක් නැහැ. අපි සැමදා ඔබ සමගයි...
සෙමෙන් එහෙත් ස්ථාවරව රට දුප්පත් වෙනවා, මහජන ආරක්ෂාව වල පල්ලට යනවා, පාලකයෝ ජාත්‍යන්තර විහිළුවක් වෙනවා. මේ හැම දෙයක්ම ඩෝබි බලකාය ඉතා මහන්සියෙන් හෝදනවා.
සෙම වැඩි පාටක් පේනවා
කියද්දී එහෙමයි කොරද්දී මෙහෙමයි
ඔබතුමාට අවශ්‍ය කාලයක් ගන්න. අපිට එක ප්‍රස්නයක් නෙමේ. මොකද අපි හැමෝම ජීවත් වුනේ දුෂණය රජ කරපු රටක නිසා. සමහර අය කියනවා රට හිගමනට වැටේනවලු මේහේම ගියොත්, ඉතින් මොකද අපි එතැන හිටි අයනේ, දැන් හිටියට වඩා හොඳයිනේ...
මුගේ බොරු කයිය, මාස 9 ම කරපු දෙයක් නෑ... ගෝඨා ඉන්න කොට කිව්වේ අගමැතිකමයි කැබිනට් එකයි දෙනවා නම් මාස 6 න් රට ගොඩ දානවා කියලා...
කටින් වැඩ මහ ගොඩක් කරනවා...
මෙයාට කඩේ යන ගොබ්බ මී හරක් දෙතුන් දෙනෙක් තවම ඉන්නවා.
පිටරැටියා නොවේ වසුපැටියා උම්බෑ කියනවා.