
(අංජුල මහික වීරරත්න)
සමෘද්ධි සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කළ සේවකයින් හට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත අන්තර් ග්‍රහණය වීම සඳහා අවස්ථාව සලසා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2013 අංක 01 දරන දිවිනැගුම පනත හරහා දිවිනැගුම දෙපාර්තමේන්තුවපිහිටුවීමේදී එවකට සමෘද්ධි සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන ලද සේවකයින් හට එම පනතේ ප්‍රතිපාදන යටතේ තම මනාපය පරිදි විශ්‍රාම වැටුපක් සහිතව එවකට දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත අන්තග්‍රහණය වීමට අවස්ථා කිහිපයකදී අවස්ථාව සලසා දී තිබුණි.
එහෙත් විවිධ කරුණු හේතුවෙන් තම මනාපය සංශෝධනය කිරීමට නොහැකි වූ සේවකයින් 3,000 ක් පමණ සිටින බව හඳුනාගෙන තිබේ.
ඒ අනුව, පවතින නීතිමය රාමුව තුළ, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විමසමින් සමෘද්ධි සංර්වර්ධන දෙපාර්‌තමේන්තුව වෙත අන්තර්ග්‍රහණය වීමට එකී සේවක පිරිසට අවස්ථාව සලසා දීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලැබිණි.
2025 දෙසැම්බර් මස 18
632
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමෘද්ධි නිලධාරීන් ගැන කැබිනට්ටුව ගත් තීරණය
Lakmal Tuesday, 27 August 2024 01:03 PM
රටට බරක් වෙච්ච ව්‍යාපාරයක් .නිලධාරීන්ට ගෙවන පඩි අපරාදයක් . කවුරු හරි කියන්න සමුර්ධි ව්‍යාපාරයෙන් රටට වෙන සෙතේ
Lalla Tuesday, 27 August 2024 03:37 PM
ඇත්ත. ඔය කට්ටිය නිකමුන් වෙලා ඉවරයි. පින්පඩියක් ගන්නේ. ඔය අපරාධය නවත්තන්න ක්‍රම දෙකක් තියනවා. වන්දි ගෙවා විශ්‍රාම ගැන්වීම හෝ වැඩ තියෙන දෙපාර්තමේන්තුවකට මාරු කිරීම. දෙකටම අකැමැති අය වැටුප් නතරකර අතහැර දාන්න...
SamurdhinieTuesday, 27 August 2024 04:41 PM
ඇයි ඒ උත්තමයෝ සමුර්ධිලාභින් බියගැන්වීම් කර ගෝඨාභය ජනාධිපති කළා මතක නැද්ද? දැන් ඔවුන්ට මැතිවරණ රාජකාරි දුන්නොත් කොහොමද?
de silva Wednesday, 28 August 2024 08:03 AM
සමෘද්ධියෙනුත් සත පහක වැඩක් නැහැ මිනිස්සු නිකන් හිඟාකන්න පුරුදුවෙන එක සහ ප්‍රාදේශීය දේශපාලුවෝ ඕක පාවිචි කරලා ඡන්දෙ ගන්න එකත් තමා ඕකෙන් වෙන්නේ , අත්‍යවශ්‍ය පුද්ගලයන්ට පමණක් පිහිටවෙන , සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් වහාම රටට අවශ්‍ය වෙලා තිබෙනවා .