IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සමෘද්ධි කාර්යාල සහයක වෙඩි තබා මරලා

(කේ බුද්ධික කුමාරසිරි,ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ඊයේ (14)  මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ දී සිදුකල වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු  මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

 මියගොස් ඇත්තේ 32 හැවිරිදි "බබා" නමැති  නමින් හඳුන්වන  තරංග කල්දේරා නැමති සමෘද්ධි කාර්යාල සහයකයකු ලෙස සේවය කරන අයෙකි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සිය බිරිඳ සහ කුඩා දරුවා සමගින් සිය සහෝදරයාගේ නිවසේ සිට තම නිවස බලා යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇති බවට සිදුකල මූලික පරීක්ෂණයේදී අනාවරණය වූ බව ද පොලිසිය පවසයි.

බිරියට සහ දරුවාට කිසිදු අනතුරක් සිදුව නැතැයි කියයි.



අදහස් (2)

සමෘද්ධි කාර්යාල සහයක වෙඩි තබා මරලා

Chamara Sunday, 15 December 2024 11:25 AM

සාධාරණයට අනාගතයක් නැහැ කිව්වාට අසාධාරණයට අනාගතයක් නැහැ කියන්නත් බැහැ. මොකද කාර්‍යාලයක (සාමාන්‍ය කම්කරු) කාර්‍යාල සහායකයෙකුට මෝටර් රථයක් පාවිච්චියට ගන්න කොහොමවත්ම බැහැ..! 

:       2       3

Bunny Preena Monday, 16 December 2024 09:58 AM

ඒක නම් බොහොම හොඳ තර්කයක් රස්සාව මොනවා වුණත් පරම්පරාවෙන් දේපල හිමි අය ඕනෑ තරම් ඉන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site