
(කේ බුද්ධික කුමාරසිරි,ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ඊයේ (14) මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ දී සිදුකල වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ 32 හැවිරිදි "බබා" නමැති නමින් හඳුන්වන තරංග කල්දේරා නැමති සමෘද්ධි කාර්යාල සහයකයකු ලෙස සේවය කරන අයෙකි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා සිය බිරිඳ සහ කුඩා දරුවා සමගින් සිය සහෝදරයාගේ නිවසේ සිට තම නිවස බලා යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇති බවට සිදුකල මූලික පරීක්ෂණයේදී අනාවරණය වූ බව ද පොලිසිය පවසයි.
බිරියට සහ දරුවාට කිසිදු අනතුරක් සිදුව නැතැයි කියයි.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණයට අනාගතයක් නැහැ කිව්වාට අසාධාරණයට අනාගතයක් නැහැ කියන්නත් බැහැ. මොකද කාර්‍යාලයක (සාමාන්‍ය කම්කරු) කාර්‍යාල සහායකයෙකුට මෝටර් රථයක් පාවිච්චියට ගන්න කොහොමවත්ම බැහැ..!
ඒක නම් බොහොම හොඳ තර්කයක් රස්සාව මොනවා වුණත් පරම්පරාවෙන් දේපල හිමි අය ඕනෑ තරම් ඉන්නවා