(අංජුල මහික වීරරත්න)
පුරවැසියකු සමාජ මාධ්‍යයෙන් යම් අදහසක් ප්‍රකාශ කළ පසු ඔහු අත්අඩංගුවට ගන්නා තරමට ආණ්ඩුව බියට පත්ව සහලවා උණ ගන්නා තත්ත්වයකට පත්ව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.
රජයට එරෙහි මහජන විරෝධය දිනෙන් දින වැඩිවෙමින් තිබෙන විට එය වැළැක්වීම සඳහා ආණ්ඩුව ගන්නා පියවර වන්නේ නිදහස් අදහස් ප්‍රකාශ කරන අය අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන යාම යැයිද එජාප මහලේකම්වරයා කියයි.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගෙ බණ්ඩාර මහතා කීවෙි මිනිසුන් සාවද්‍ය තොරතුරු කතා කළා යැයි අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ අත්අඩංගුවට ගන්න හැකියාවක් නැති අතර තවත් ජන කොටසක් සම්බන්ධයෙන් වෛරී ප්‍රකාශ නිකුත් කරනවා නම් පමණක් අත්අඩංගුවට ගැනීමේ බලය තිබෙන බවයි.
නීතියේ ප්‍රතිපාදන අභිබවා අත්අඩංගුවට ගැනීම් කරනවා නම් එහි වගකීම පොලිසිය භාරගත යුතු බවද එජාප මහලේකම්වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජ නෙවෙයි කුමන මාධ්‍යයකින් හරි, කුමන ක්‍රමයකට හරි, යමෙකුට විරුද්ධව මඩගැසීම් හෝ අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතුයි... නමුත් ප්‍රකාශය සත්‍ය නම් ඒක ගැටළුවක් කරගත යුතු නැහැ.
ඕකටද මාධ්‍ය නිදහස කියන්නේ? අනික් එක තමයි අපි මාධ්‍යයට පලකරන අදහස් ඒගොල්ලන්ගේ වාසියට තමයි පලකරන්නේ...
පුත්තලම කියද්දි මොකද්ද මතක් වෙන්නේ
අදහස් පලකිරීම කියන්නේ දැන දැනම බොරු කියලා ජනතාව නොමග යැවීම නොවේ. සමහර දේශපාලකයින් ඉතාම පහත් තත්වයට පත්වෙලා...
කහින්න එපා...!!!