
(ඉන්දිකා රාමනායක, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත කුලරත්න)
සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට විරෝධය පාමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ආසන්නයේ එදිරිසිංහ මාවතේ අධිබලති විදුලි කණුවකට අද (3) දහවල් නැගී පුද්ගලයෙකු විදුලිසැර වැදී මියගොස් ඇතැයි මිරිහාන මුලස්ථාන පොලිසිය සඳහන් කරයි .
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මිරිහාන එදිරිසිංහ පාර පලවන පටුමග පදිංචිව සිටි නානයක්කාර බෝපෙ රුවන් වීරතුංග නමැති පනස් තුන් හැවිරිදි දෙදරු පියෙකි
මියගිය පුද්ගලයා මහරගම,නුගේගොඩ මාර්ගයේ එදිරිසිංහ මාවතට හැරන ස්ථානයේ තිබෙන ට්‍රාන්ස්ෆෝමරයක් සහිත අධිබල විදුලි කණුවකට නැග සුළු මොහොතක දී මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත
එම අනතුර ඔහුගේ පුතෙකු සියසින් දැක ඇති බව ද පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත
මෘත දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවත් දේශපාලකයන්ටම ගැලපෙනවනේ...!
මේ මෝඩවැඩ නිසා සාධාරණ විරෝධතා විහිලුවක් වෙලා...
තනිකරම මෝඩකමනේ...
පාලකයින්ගේ මෝඩ වැඩ නිසා අහිංසක ජීවිතයක් බිලි...
වලිගය ගිනිගත් හනුමන්තලා වගේ ද්වේශයම මුලටගෙන නොහැසිරී ඉවසීමෙන් වඩා සුදුසු දේ කිරීමට ජනතාව බුද්ධිමත් විය යුතු කාලයක් මේ... රැල්ලට අහුවෙලා ගියොත් රටම විනාශයි...
අපරාදේ නිකරුනේ ජීවිතයක් නැති උනේ. මැරෙනවනම් රටට සේවයක් වෙන ආකාරයේ වැඩක් කරලා මැරෙන්න. තනියෙන් මැරෙන්න එපා.