
(නිපුන් ගරුක)
සමාජ මාධ්‍ය අවහිර කිරීම පිලිබඳ නැවත සලකා බලන ලෙස රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබේ.
ඔහු තම නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මේ පිළිබඳව පවසා ඇත.
සමාජ මාධ්‍ය අවහිර කර තැබුවද වී.පී.එන් භාවිතයෙන් සමාජ මාධ්‍යට පිවිසිය හැකි බවත් ඔහුද වී.පී.එන් භාවිතයෙන් සමාජ මාධ්‍යට පිවිසුන හෙයින් සමාජ මාධ්‍ය අවහිර කිරීම පළ රහිත ක්‍රියාවක් බව එම සටහනින් ඔහු පෙන්වාදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුඟදෙනෙක් දන්නේ නැහැ... VPN කියන්නේ මොනවද? ඒක හැඩගස්සගන්නේ කොහොමද කියලා... ඒක නිසා මේ වැඩේ සෑහෙන්න දුරකට නවතිනවා. ඒ කොහොම වුණත්, මිනිස්සුන්ගේ හැඟීම් රජයක් විසින් තහනම් කරනවා කියන්නේ, ඒ රජයේ අන්තිම කාලෙ ඇවිල්ලා... මේක තමයි ඒකාධිපති වියරුවේ පටන් ගැන්ම...
ඕක ගිහින් කියන්න බාප්පට...!
කවුරු, කොහොම විභාගයට ලිව්වත් කමක් නැහැ. ලකුණු ටික හම්බවුණාම ඇති නේද?
මේවාට කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න අමාරුයි...
මෙයා ඩිජිටල් ඇමැති. එයාට හොරා මේවා කරන්නේ කොහොමද? ජනතා විරෝධය අඩු කරන්න බයිලා සපයනවා...
එක දෙයක් ගැන හුඟක් සතුටුයි. ඒ බාප්පා ඇවිත් නුඹේ මුණුපුරෙකුටවත් ආයෙත් දේශපාලනේ කරන්න බැරි විදියට වැඩ සිද්ද කළාට...
ඩිජිටල් ඇමැති ඔබ නොවේද? අනේ යන්න. හම්බන්තොට ඉන්න බයියොත් දන්නවා ඒක...