IMG-LOGO

සභයට එන්න පාර කැපූ කෙනාට රතු පාස්පෝට් දීම වැරදිද?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඔබතුමාට පාර්ලිමේන්තුවට එන්න පක්ෂය  දුන්න එක් කෙනාට රතු පාස්පෝට් එකක් දෙන එක ප්‍රශ්නයක් නෙමෙයි නේදැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අමතමින් පැවසීය.

විදෙස් පුරවැසි මන්ත්‍රීවරියකට රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ආගමන විගමන පාලක ඉවත් කොට අලුත් ආගමන විගමන පාලකවරයෙක් පත් කර ඇතැයි මුජුබුර් රහුමාන්  මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:-

ආගමන විගමන පාලකයෙක් ගැන එතුමා කිව්වා .මොකක්ද ඔබතුමාට තිබෙන ප්‍රශ්නය. 

ඔබතුමාට පාර්ලිමේන්තුවට එන්න පක්ෂය  දුන්න එක්කෙනාට රතු පාස්පෝට් එකක් දෙන එක ප්‍රශ්නයක් නෙමෙයිනේ.



අදහස් (18)

සභයට එන්න පාර කැපූ කෙනාට රතු පාස්පෝට් දීම වැරදිද?

fairoos Monday, 05 December 2022 05:02 PM

මිස්ටර් බීන් දෙවැනි කොටස... රනිල් නිකන් පාර්ලිමේන්තුවේ විහිළු සපයන්නේ නැතිව තොලොංචිවෙලා ගියොත් හොඳයි.

:       13       42

ලුම්බිණි Monday, 05 December 2022 05:10 PM

ඕනෑම වැරැද්දක් තමන්ගේ වාසියට හරි කියන්න පුළුවන්. කිසිම ලැජ්ජාවක් නැහැ.

:       6       43

දිමුත්Monday, 05 December 2022 05:23 PM

අවුරුදු 50ක ලෝයර් කෙනෙක්ලුනේ...!

:       6       35

විපරමා Monday, 05 December 2022 05:58 PM

නමට විතරනේ, ගොඩ පෙරකදෝරුවෙක් වෙන්නැති...

:       5       25

සමිත සේනක අලුත්ගමගේ. Monday, 05 December 2022 05:51 PM

කරුණාකර වරදට අනුබල දෙන්නට එපා. විදෙස් රටක පුරවැසියෙකුට මේ රටේ පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඉන්න බැහැ. වහාම ඇයව එළියට ඇදලා දාන්න. නැතිනම්, ඒ ටික ඉදිරියේදී අධිකරණය හරහා සිදුවේවි...! 

:       5       36

neeTuesday, 06 December 2022 12:13 AM

එහෙම කලොත් ටෙලිෆෝන් එක එලියටම විසික් වෙනවා.

:       0       2

Bamunuarachchi Monday, 05 December 2022 06:06 PM

ගුණධර්ම, ප්‍රතිපත්ති ගැන අහන්න ඕනේ බෞද්ධයින්ගෙන් මිස අහවලුන්ගෙන් නොවෙයි. ඔවුන්ට වැදු අම්මා තාත්තාවත් ලොකු නැත. සිංහල අපිට ඔවුන් වාතෙකට වටින්නේ නැත...

:       22       9

fairoosMonday, 05 December 2022 07:48 PM

ඔහොම කියලා තමයි නන්දසේන රටට කෙළියේ...

:       3       12

ranjith Monday, 05 December 2022 06:15 PM

කිසිම හිරිකිතයක් නැතිව තමන්ගේ වාසියට වරද වහන්න හදන හැටි...

:       6       24

nanda Monday, 05 December 2022 06:16 PM

නායකයෝ ආදර්ශවත් නොවේ නම් රටක් හැදෙයිද? අධිකරණයෙන් නියම තීන්දුව ලැබෙයි...

:       2       17

ashok Monday, 05 December 2022 06:18 PM

සජබයට කණ්ඩායම පාර්ලිමේන්තු එව්වේ ජනතාව ඡන්දෙ දීලා ඩයනා නෙවෙයි...

:       10       11

සමන්Monday, 05 December 2022 07:58 PM

සජිත් පිලට පක්ෂයක් අලුතින් ලියාපදිංචි කරන්න වෙලා මදි වුණු නිසා ඒ අවස්ථාවේ එවකට ලියාපදිංචි පක්ෂයක පිහිට අවශ්‍ය වුණා.. මැතිවරණයට තරඟ කරන්න. ඒ වෙලාවේදී අනික් සුළු පක්ෂ අකැමැති වෙද්දී කැමති වුණේ ඩයනා තමයි. ඉතින් ඩයනා නොවෙන්න 2020 මැතිවරණයට සජිත්ලාට ඉදිරිපත් වෙන්න ඉඩ නැති වෙනවා. එතකොට ඡන්දෙ දෙන්න අය හිටියා කියලා වැඩක් වෙන්නේ නෑ. 2025 හෝ ඒ කාලයේදී ඡන්දයක් තියනකල් ඉන්න වෙනවා...

:       2       18

Buddika Monday, 05 December 2022 07:05 PM

වැරැද්දක් නම් නෑ... මේක මේ අයගේ පවුලේ බූදලයක් වුණා නම්... එහෙම නොවී තියෙද්දී මේක වැරැද්දක්... ජනාධිපති කියන්නේ රටේ බාරකාරයා මිස අයිතිකාරයා නොවේ. මෙයාට රට බාර දුන්නේ ජනතාවත් නොවෙයි. ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ඇවිත් අද ප්‍රබල ජනතා විරෝධයකට මුහුණ දීලා ඉන්න පොහොට්ටුවේ 135 දෙනෙක්ගේ කැමැත්තෙන් පමණයි මොහු ජනාධිපති වුණේ.. නීත්‍යානුකූලව එය හරි ඇති. ඒත් පාර්ලිමේන්තු ඡන්දයෙනුත් ප්‍රතික්ෂේප වුණු පුද්ගලයෙක් කොහොමද ජනාධිපති වුණේ..? එය සදාචාරාත්මක නෑ. ජනතා කැමැත්තකුත් නෑ. ඒ නිසානේ අද කරන සියලුම දේවල් පොදු ජනතාවගේ අප්‍රසාදයට ලක්වෙන්නේ...

:       0       0

නිමේෂ් Monday, 05 December 2022 07:08 PM

තක්කඩි වැඩකරලා යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන එක දැන් පුරුද්දක් කරගෙන, මේ වගේ කෙනෙක්ව තවත් මහපුටුවේ තියාගෙන ඉන්න පුළුවන්ද?

:       9       14

සඳුන් Monday, 05 December 2022 07:17 PM

සිංගප්පූරු පුරවැසියෙක් දාලා මහ බැංකුව බිඳපු එකත් අවුලක් නෑනේ සර්...!

:       2       14

එරන්ද Monday, 05 December 2022 09:22 PM

කෙතරම් වගකීමක් නැති කතාවක්ද​. මෙවන් මිනිහෙක් ජනාධිපති වෙලා ඉන්න රට ක් කොය්බටද?

:       0       1

Kumara Monday, 05 December 2022 10:20 PM

මූව උල තියන්න ඕනේ

:       1       2

sharm warn Tuesday, 06 December 2022 09:49 AM

අනිත් සේරම දේවල් පැත්තකින් තිබ්බත්, මහලුකුවට ප්‍රජාතන්ත්‍රවාදී රකින්න ආවයි කියපු අටවන පින.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 785 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site