(ප්‍රසන්න පත්මසිරි)
බණ්ඩාරවෙළ ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය අවසානයේ සභාපති කරගහවෙළ නන්දවිමල හිමි සිදු කළ බව කියන පහරදීමකින් උප සභාපති රෝහල් ගත කර තිබෙන බව පොලිසිය කියයි.
බණ්ඩාරවෙළ ප්‍රාදේශීය සභාවේ උප සභාපති සුනිල් වසන්ත එදිරිසිංහ (ශ්‍රී.ල.නි පක්ෂය) මහතා සභාපති හිමිගේ පහරකෑමට ලක්වීමෙන් පසු බණ්ඩාරවෙළ රෝහළට ඇතුලත් වී නේවාසික ප්‍රතිකාර ලබමින් සිටිති.
ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම පැවති 16 දින සභාව නිමවී මන්ත්‍රිවරුන් පිටවී යද්දී සභාපති හිමි සෙරප්පුවකින් දිගට හරහට පහරදුන් බවත් එයින් රෝගී වුන බව කියමින් උප සභාපතිවරයා බණ්ඩාරවෙළ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඉන් පසුව රෝහල් ගතව ඇති බව බණ්ඩාරවෙළ පොලිස් අධිකාරි බී.එම්.එම් දසනායක මහතා පැවසීය.
සභාපති කරගහවෙළ නන්දවිමල හිමියෝ මෙසේ පැවසීය
උප සභාපති මට සභාව කරගෙන යන්න දෙන්නේ නෑ මම එයාට ගැහුවේ නෑ, බහින් බස්වීමක් වුනා විතරයි, බොරුවට රෝහලට ගිහින්,එයා සභාවේ දුෂණ වංචා සිදුවනවා කියලා ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයාට ලිපි යවලා, මම පොහොට්ටුවේ, එයා බුලත් කොළේ,එයාට ඔිනි වෙළා තියෙන්නේ සභාවේ බලය ගන්න එයත් එක්ක ඉන්නෙත් මන්ත්‍රිවරු දෙන්නයි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සභාපති හිමිගේ සෙරෙප්පු පහරින් උප සභාපති රෝහලේ
Ruhunu Wednesday, 16 November 2022 06:02 PM
පන්සලේ වැඩ හිටින්නේ නැතිව ඔයවගේ තැන්වලට වැඩියේ ඇයි අපේ හාමුදුරුවනේ...?
PereraWednesday, 16 November 2022 10:13 PM
පන්සලේ වෙන දේවල් දැකලා සසර කලකිරිලා වෙන්න ඇති.
කුරුණෑගල සමිත හිමි Wednesday, 16 November 2022 08:28 PM
භික්ෂූන් සහ ආගමික පූජකවරුන් මැතිවරණ සඳහා ඉදිරිපත්වීම නීති අණ පනත් මඟින් තහනම් කළ යුතුයි...
Sam Gamage Thursday, 17 November 2022 12:11 AM
මේ කාලකන්නි පිනක් දහමක් කරගෙන ඉන්න නැතිව බුදු සසුන විනාශ කරනවා .හරිම පිළිකුල්
Kuma Thursday, 17 November 2022 06:33 AM
මොහුගේ චීවරයයි සභාපති පට්ටමයි දෙකම ගැලවිය යුතුයි
LGPJ Thursday, 17 November 2022 06:50 AM
සභාපති හිමි වඳුරෙක් වෙයි.!!!
dhamneth Thursday, 17 November 2022 11:56 AM
සභාපති හාමුදුරුවො උප සභාපතිවරයාට පහරදෙනවිට උප සභාපතිවර හාමුදුරුවන්ට පෙරලා ආපසු පහර නොදීමෙන් පෙනියන්නෙ අද හාමුදුරුවරු බහුතරකට වඩා විනය ගරුක නිතිගරුක ශික්ශාකාමි යන් සිටින බවයි. පන්සිල් රැකීමත් එහෙමයි.
මරිසිපාල Thursday, 17 November 2022 12:03 PM
කොහොම වුනත් සෙරෙප්පු පහරක් වැදුනම වෙන්නෙ මානසික අසනීප මිස තුවාල පීඩා නොවෙයි මොහු මානසික වයිද්‍ය වරයෙකුට පෙන්නන්න ඕන අනෙක තමයි දැන් කාලයේ හාමුදුරුවරු සාසනය විනාශ කරනවා.දැන් දැන් ජනතාව හාමුදුරුවෝ පිළිකුල් කරන තත්වයට පත්වෙලා අවසන් කියන්න පුළුවන් සමීක්ෂණයක් කර සත්‍ය අසත්‍ය සොයා බලන්න කොහොමත් පොහොට්ටුවොත් බුලත් කොලේ අයත් ඉන්නෙ වියරුවැටී බව කියන්නම වෙනවා