(ප්‍රසන්න පත්මසිරි)
බණ්ඩාරවෙළ ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය අවසානයේ සභාපති කරගහවෙළ නන්දවිමල හිමි සිදු කළ බව කියන පහරදීමකින් උප සභාපති රෝහල් ගත කර තිබෙන බව පොලිසිය කියයි.
බණ්ඩාරවෙළ ප්‍රාදේශීය සභාවේ උප සභාපති සුනිල් වසන්ත එදිරිසිංහ (ශ්‍රී.ල.නි පක්ෂය) මහතා සභාපති හිමිගේ පහරකෑමට ලක්වීමෙන් පසු බණ්ඩාරවෙළ රෝහළට ඇතුලත් වී නේවාසික ප්‍රතිකාර ලබමින් සිටිති.
ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම පැවති 16 දින සභාව නිමවී මන්ත්‍රිවරුන් පිටවී යද්දී සභාපති හිමි සෙරප්පුවකින් දිගට හරහට පහරදුන් බවත් එයින් රෝගී වුන බව කියමින් උප සභාපතිවරයා බණ්ඩාරවෙළ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඉන් පසුව රෝහල් ගතව ඇති බව බණ්ඩාරවෙළ පොලිස් අධිකාරි බී.එම්.එම් දසනායක මහතා පැවසීය.
සභාපති කරගහවෙළ නන්දවිමල හිමියෝ මෙසේ පැවසීය
උප සභාපති මට සභාව කරගෙන යන්න දෙන්නේ නෑ මම එයාට ගැහුවේ නෑ, බහින් බස්වීමක් වුනා විතරයි, බොරුවට රෝහලට ගිහින්,එයා සභාවේ දුෂණ වංචා සිදුවනවා කියලා ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයාට ලිපි යවලා, මම පොහොට්ටුවේ, එයා බුලත් කොළේ,එයාට ඔිනි වෙළා තියෙන්නේ සභාවේ බලය ගන්න එයත් එක්ක ඉන්නෙත් මන්ත්‍රිවරු දෙන්නයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සලේ වැඩ හිටින්නේ නැතිව ඔයවගේ තැන්වලට වැඩියේ ඇයි අපේ හාමුදුරුවනේ...?
භික්ෂූන් සහ ආගමික පූජකවරුන් මැතිවරණ සඳහා ඉදිරිපත්වීම නීති අණ පනත් මඟින් තහනම් කළ යුතුයි...
මේ කාලකන්නි පිනක් දහමක් කරගෙන ඉන්න නැතිව බුදු සසුන විනාශ කරනවා .හරිම පිළිකුල්
මොහුගේ චීවරයයි සභාපති පට්ටමයි දෙකම ගැලවිය යුතුයි
සභාපති හිමි වඳුරෙක් වෙයි.!!!
සභාපති හාමුදුරුවො උප සභාපතිවරයාට පහරදෙනවිට උප සභාපතිවර හාමුදුරුවන්ට පෙරලා ආපසු පහර නොදීමෙන් පෙනියන්නෙ අද හාමුදුරුවරු බහුතරකට වඩා විනය ගරුක නිතිගරුක ශික්ශාකාමි යන් සිටින බවයි. පන්සිල් රැකීමත් එහෙමයි.
කොහොම වුනත් සෙරෙප්පු පහරක් වැදුනම වෙන්නෙ මානසික අසනීප මිස තුවාල පීඩා නොවෙයි මොහු මානසික වයිද්‍ය වරයෙකුට පෙන්නන්න ඕන අනෙක තමයි දැන් කාලයේ හාමුදුරුවරු සාසනය විනාශ කරනවා.දැන් දැන් ජනතාව හාමුදුරුවෝ පිළිකුල් කරන තත්වයට පත්වෙලා අවසන් කියන්න පුළුවන් සමීක්ෂණයක් කර සත්‍ය අසත්‍ය සොයා බලන්න කොහොමත් පොහොට්ටුවොත් බුලත් කොලේ අයත් ඉන්නෙ වියරුවැටී බව කියන්නම වෙනවා